Colombo Today Local News

සයිටම් එකට විරුද්ධව රටපුරා දොස්තරලා අද වර්ජනයේ.. කොළඹදී දැවැන්ත විරෝධතාවක්

මාලඹේ ‘සයිටම්‘ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුවට රජය මෙතෙක් විසදුමක් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් වෛද්‍යවරු අද (07) දවස පුරා වැඩ වර්ජනයක නිරත වෙති.

මෙම වැඩ වර්ජනය සදහා ආයුර්වේද හා දන්ත වෛද්‍යවරුන්ද, පෞද්ගලික වෛද්‍ය සේවා. ලියාපදිංචි වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ද එක්‌වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

මීට අමතරව ජනතා විමුක්‌ති පෙරමුණට සම්බන්ධ සියලු සෞඛ්‍ය සේවකයන් සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සෞඛ්‍ය සේවකයන් ද වැඩ වර්ජනයට එක්‌ වන අතර රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ හෙද නිලධාරීන් අද දිනයේ රාජකාරි කරන අතරතුර වැඩ වර්ජනය සඳහා අනියම් ආකාරයෙන් සහාය දක්‌වන බව වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසයි.

මීට අමතරව තවත් වෘත්තීය සමිති සියයකට අධික සංඛ්‍යාවක්‌ කළු කොඩි ප්‍රදර්ශනය කරමින් රට පුරා විවිධ විරෝධතා පවත්වන බවද කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය සමිති සාමාජිකයන් අද පෙරවරු 11.00 ට කොළඹ ජාතික රෝහල අසලින් දැවැන්ත පා ගමනක්‌ ආරම්භ කර කොටුව දුම්රිය ස්‌ථානය වෙතට පිවිසෙන බවද කීවේය. පස්‌වරු 3.00 ට කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා රැලියක්‌ පවත්වන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

කෙසේ වෙතත් රි-වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය ළමා රෝහල, මහරගම පිළිකා රෝහල, කාසල් සහ සොයිසා කාන්තා රෝහල්, වකුගඩු ආයතන මෙන්ම සෑම රෝහලකම ඩෙංගු රෝගීන් ප්‍රතිකාර ලබන වාට්‌ටුවල මෙම වැඩ වර්ජනය සිදු නොකරන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් පැවසීය.

දිවයින

Related posts

අධි වේගයේ වේගය පැන්නොත් බේරෙනවා බොරු. පොලිසියට ලැබුණ නවීන උපකරණ

colombotoday

කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටී රෝහලේ…

Admin

රියාජ් බදියුදීන්ගේ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වේ

colombotoday

දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ රැසකට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

colombotoday

යහපාලන ජනපතිට වසරයි.. අද හෙට සැමරුම්

colombotoday

මාවනැල්ලේ බුදු පිළිමයක් කඩද්දී මුස්ලිම් තරුණයෙක් අතේ මාට්ටු… අල්ලා ගස් බැද පොලිසියට බාර දෙයි..

colombotoday