Colombo Today Local News

යහපාලන ජනපතිට වසරයි.. අද හෙට සැමරුම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී අදට වසරක් සපිරේ. ඒ නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය අද (8 වැනිදා) පසවරු 2ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

(8 වැනිදා) උදැසන 7.00 ට කළුතර බෝධීන් වහන්සේ අබියසදී ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදුකිරීම සහ බෝධි රාජයාණන් වහන්සේ වැඩවෙසෙන භූමිය බෝධි භාරකාර මණ්‌ඩලය වෙත පවරා දීම සිදුකෙරේ.

ඉන්පසු පෙරවරු 9.00 ට ගාලු මුවදොර පිහිටි බණ්‌ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්‌වීම ජනාධිපතිවරයා අතින් සිදුවෙන අතර පෙරවරු 9.00 ට කෝට්‌ටේ ශ්‍රී නාග විහාරයේදී මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේට පුෂ්පෝපහාර දැක්‌වීම සිදුකෙරේ.

පෙරවරු 11.00 ට ජනාධිපති මන්දිරයේදී “ජනපති හදබිම ජනපතිට කියන්න” වැඩසටහන ප්‍රකාශයට පත් කිරීමත් සංවර්ධන ඇගයීම් කාර්යාංශය විවෘත කිරීමත් ජනපතිවරයා අතින් සිදුකෙරේ.

හෙට (9 වැනිදා) ප.ව. 6.00 ට ශ්‍රී ලංකා නිදහස්‌ චතුරශ්‍රයේදී සංස්‌කෘතික සංදර්ශනයක්‌ද පැවැත්වෙයි.

Related posts

“ලක්ෂ පහ අරගෙන එළියට බැහැපල්ලා” – සංවර්ධන කමිටුවේදී ඇමති චම්පික යකා නටයි

colombotoday

ආණ්ඩුවේ ඇමතිලාගෙන් දිගටම භික්ෂූන්ට ගැරහුම්.. මංගල “චීවරධාරී රස්තියාදුකාරයන්” කියා ප්‍රසිද්ධියේ අපහාස කරයි

colombotoday

පුදුකුඩිඉරිප්පුවෙන් අත්බෝම්බ 18 ක් සොයාගනියි

colombotoday

පරිසර ඇමතිගේ මල්ලි පරිසරය වනසන තීන්දුවක..

colombotoday

නව ජනමාධ්‍ය ඇමති වැඩ භාර ගනී

colombotoday

මහේෂ් සේනානායක හදිසියේ රෝහල්ගත කරයි !

colombotoday