Colombo Today Local News

හදිසි නීති රෙගුලාසීවලට අදාළ විවාදය ලබන සඳුදා

හදිසි නීති රෙගුලාසීවලට අදාළ විවාදය ලබන සඳුදා (06)දින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණයකර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී එම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසීවලට අදාළ ප්‍රකාශනය සඳුදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතය.

මේ අතර පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තිරණය වී තිබුණි.

ඒ අනුව ලබන 06 සහ 07 යන දෙදින පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 07 වන දින පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර තිබේ.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න මුහුදේ පවතින ද්‍රව්‍යයන් 54 ක් හඳුනා ගනී

colombotoday

බිලියන 11.4ක් රජයට පාඩු කලැයි ගෝඨා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුට නඩු

colombotoday

රනිල්ගේ නිවසට CIDයෙන් යයි

colombotoday

රැකියා නැති උපාධි ධාරයෝ පළාත් සභාවට එති

colombotoday

රනිල්ට නොතීසි

colombotoday

විදුලි බිඳවැටීම් ගැන කියන්න දුරකථන ඇප් එකක්

colombotoday