Colombo Today Local News

අමු මිරිස් 1065, කැරට් 330, බටු 450, පතෝල 390, මෑ 420 යි. | බන්දුලගේ විසඳුම ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනීමක්.

අද (9) එළවලු මිලට අනුව “අමු මිරිස් කිලෝ එකක් රුපියල් 1065 යි. කැරට් කිලෝ එකක් රුපියල් 330 යි. බටු කිලෝ එකක් රුපියල් 450 යි. පතෝල කිලෝ එකක් රුපියල් 390 යි. මෑකරල් කිලෝ එකක් රුපියල් 420 යි.” යැයි පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.

එළවලු මිල වැඩිවීමට බලපෑ සාධක රජය සොයා බැලුවාදැයි ප්‍රශ්න කර සිටි ඒ මහතා ආර්ථිකය මධ්‍යස්ථානවල කඩ දේශපාලන හිතවතුන්ට කුලියට ලබා දී ඇති බවත් ඔවුන් එම ව්‍යාපාරික ස්ථාන අධික මුදල්වලට වෙළඳුන්ට කුලියට ලබා දී ඇති බවත් එම පිරිවැය ද වෙළඳුන් පාරිභෝගික භාණ්ඩ මත පැනවීම හේතුවෙන් එළවලු මිල වැඩිවී ඇති බවත් චෝදනා කර සිටියා.

අමු මිරිස් කිලෝ එකෙන් රුපියල් 1065 ක් උවද එයින් ගොවියට ලැබෙන්නේ රුපියල් 300ත් රුපියල් 350 ත් අතර මුදලක් බවත් සඳහන් කර සිටි විතානගේ මහතා ඇමති බන්දුලගේ විසඳුම ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනීමක් බවත් සඳහන් කර සිටියා.

Related posts

දිවයින මාධ්‍යවේදීන්ට මහ දවාලේ පහර දුන් මේ යහපාලන චන්ඩියාව දන්නවා ද?

colombotoday

වැල්ලවත්තේ බැංකු නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

භික්ෂුව ජාතියේ මුරදේවතාවුන් වනවා මිස අලියා,අත,පොහොට්ටුවේ මුරදේවතාවුන් නොවිය යුතුයි – අස්ගිරි අනුනාහිමි

colombotoday

ගොවීන් ලක්ෂ 16කට ගොවි හැඳුනුම්පතක්

colombotoday

ස්විස්ටර්ලන්තයේදී රනිල් – එරික් සෝල්හයිම් හමුවී සාකච්චා කළේ මොනවාද?

colombotoday

පොල්පිතිගම වෙල්යායක දමා ගිය බිළිදියක් හමුවෙයි

Admin