Colombo Today Local News

කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටී රෝහලේ…

නොර්වුඩ් ඉන්ජස්ට්‍රි තේ වත්තේ බීරට් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටිමෙන් අද(28)දින බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට දැඩි සුලං තත්ත්වයක් පවතින අතර, දැඩි සුලං තත්ත්වයත් සමග අද (28) උදැසන 10.30ට පමණ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් මතට ගස කඩා වැටි ඇති බවත්, ඉන් වතු කම්කරු කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කල බව වතු පාලන අධිකාරිය කියා සිටි.

පවතින දැඩි සුලං තත්ත්වයත් සමග හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථාන බල ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහන් පද්ධති වලට ගස් සහ අතු කඩා වැටිම හේතුවෙන් වරින් වර විදුලි බලය විසන්ධි වු බව හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ නිලධාරියෙකු සඳහන් කරයි.

Related posts

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

හිටපු ජනපති මෛත්‍රීට හා දයාසිරිට නොතීසි

colombotoday

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

colombotoday

ගිනිඅවි සමඟ මුස්ලිම් ජාතික මස්සිනාලා දෙදෙනා අත්අඩංගුවට

colombotoday

මැතිවරණ කොමිසමේ ලොක්කෝ සාලිය පීරිස් හොර රහසේ හමුවෙලා

Admin

විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව !

colombotoday