Colombo Today Local News

අගමැති රැකගන්න පුරවැසි බලය එයි.. ජනපතිට ඉල්ලා අස්වී ගෙදර යන්න කියයි

යහපාලන රජය පළාත් පාලන මැතිවරණයෙන් ලද පරාජය සමඟ අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත් විය යුතු බවට තර්ක කරන්නේ නම් ඊට පෙර ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව “පුරවැසි බලය“ කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ දිනාගත් පළාත් පාලන ආයතන ප්‍රමාණය ගත්තත් ජන්ද ප්‍රමාණය ගත්තත් අගමැතිවරයාගේ පක්ෂය ජනාධිපතිට වඩා ඉදිරියෙන් සිටින බවයි. එවැනි තත්ත්වයක් යටතේ කවුරු හරි තර්ක කරනවා නමි පරාජය වුන නිසා අගමැති අයින් වෙන්න ඕන කියලා ඊට කලින් ජනාධිපතිවරයා අයින් වෙන්න ඕනෙ. යැයිද හෙතෙම කියා සිටී.

“අපේ රටේ මැතිවරණ ක්‍රම 4 තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැති සහ මැති ඇමැති තෝරනවා, පළාත් සභා ජන්දෙන් පළාත් සභා මන්ත්‍රීවරු තෝරනවා මේ තිබ්බේ පළාත් සභා ජන්දයක් ජනපති අගමැති හෝ ආණ්ඩුව හදන ජනදයක් නෙමේ” යැයිද පවසන ඔහු, කෙසේ වෙතත් ජනතාවගේ විවේචනය පිළිගත යුතු බවත් මැතිවරණ ප්‍රතිඵලයෙන් යහපාලන රජය අනතුරුට පත්වුවා නොව ජනතාව අනතුරු සංඥාවක් ලබා දී ඇති බවද සදහන් කරයි.

Related posts

කෝටියක හෙරොයින් තොගයක් සමග 4ක් STF අත්අඩංගුවට

colombotoday

කොන්ක්‍රීට් තට්ටුවක් ඇඟට වැටී දෙදරු පියෙක් මරුට

colombotoday

පාර්ලිමේන්තුවේ යෝජනා ගෙන ඒමෙන් ICCයෙන් තහනමක් පැනවූවොත් වගකීම 225 දෙනා භාරගත යුතුයි

Admin

තරුණියට වයස 17යි තරුණයාට 21යි යුවලම අයිස් එක්ක මාට්ටු

Admin

ඇමති සැප වාහන නැවැත්වීමේ අගමැතිගේ කතාව බොරු.. කෝටි 118 මේවනවිටත් මුදාහැරලා !

colombotoday

පොලී අනුපාතිකයන්ට අදාළව මහ බැංකුවෙන් නිවේදනයක්

Admin