Colombo Today Local News

පොලී අනුපාතිකයන්ට අදාළව මහ බැංකුවෙන් නිවේදනයක්

වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව, බැංකු මහ බැංකුවේ කරනු ලබන තැන්පතු සඳහා කරනු ලබන පොලිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 14.5% ක් ලෙස තවදුරටත් පවතිනු ඇති.

මහ බැංකුව, බැංකු සඳහා ණය සැපයීමේදී අයකරනු ලබන පොලී අනුපාතිකය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.5%ක් ලෙසත් තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මෙවැනි ඉහළ පොලී අනුපාතිකයක් පවත්වාගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

colombotoday

රන්ජන්ගේ මෝසම ප්‍රතික්‍ෂේප කෙරේ

colombotoday

නව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට එන්නත් ලබා දෙන්නේ නීති රාමුවකට යටත්වයි – ලලිත් වීරතුංග

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද කොලඹ නාගරික කොමසාරිස් මතට කඩා වැටේ

colombotoday

කඩඉම් ලකුණු වලට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

colombotoday