Colombo Today Local News

මෙරටට ඉන්දියාවෙන් නව මහකොමසාරිස්වරයෙක්

ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාව නව මහකොමසාරිස්වරයෙකු පත් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී සන්තෝෂ් ජා ශ්‍රී ලංකාවේ මීළඟ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බව වාර්තා වේ.

ඔහු මේ වන විට බෙල්ජියමේ ඉන්දියානු තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.

ශ්‍රී සන්තෝෂ් ජා මහතා කඩිනමින් ශ්‍රී ලංකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස මේ වන විට කටයුතු කරනු ලබන්නේ ගෝපාල් බග්ලේ මහතා ය.

Related posts

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday

ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

Admin

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

colombotoday

දුම් වැටියක් රුපියල් 3 කින්. මත් පැන් බෝතලයක් රුපියල් 40 කින් ඉහළ යයි

colombotoday

හිටපු ජනාධිපති ගෝඨාභය වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකා ඉල්ලයි

Admin