Colombo Today Local News

අපේ ජනාධිපතිතුමා මිලියන බිලියන ට්‍රිලියන අඳුරන්නේ නැ. නවකතාකාරයෙක් වුණා නම් මීට වඩා හොඳයි. – හිටපු ජනපති

අපේ රට උතුරෙන් දකුණින් බටහිරෙන් නැඟෙනහිරින් මේ හැම පැත්තෙන්ම විදේශ බලවේගවලට දීලා. මේක තමයි අද රටට වෙලා තියෙන තත්ත්වය. අවුරුදු තුනක් තිස්සේ රටේ ජාතික සම්පත් විකුණලා රටේ ආර්ථිකය විනාශ කරපු ආණ්ඩුවක් ඉතිහාසයේ කවදාවත් බිහිවෙලා නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කීය.

වැල්ලවාය නගරයේ 27 වැනිදා සංවිධානය කර තිබූ මහජන රැලියක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

පොහොට්ටුවේ ජයග්‍රහණය දැකලා අද වැල්ලවායට මහා ජනගඟක් ගලලා තියෙනවා. මේ දවස්වල ජනාධිපතිතුමාට හරියට කේන්ති යනවා. ඉන්නෙම තරහින්. ඉතිං මේ සෙනඟ දැක්කම එතුමාට තවත් තරහ යනවා. එතුමාට තරහා ගියාම මට පැන පැන දෙනවා. ඉතිං මමත් බලාගෙන ඉන්නවා. අනේ අනේ සිරිසේන කියලා. හැබැයි මේ බනින ගමන් හැමදාම අලුත් බොරුවක් කියනවා. ඇත්තටම මෙතුමා නවකතාකාරයෙක් වුණා නම් මීට වඩා හොඳයි. ලස්සන නවකතා ලියනවා වගේ, කෙටි කතා වගේ, එක එක දවසට එක එක කතා කියනවා. අලුත්ම කතාව කිව්වේ ඊයේ. අපේ කාලේ ට්‍රිලියන දහයක් ණයට අරගෙන ඇමෙරිකානු ඩොලර්. ඒකෙන් නවයක්ම ආගිය අතක් නැතිලු. පොත්පත්වල නැත්නම් මේ යෝධයා දැනගත්තේ කොහොමද? ට්‍රිලියනයක් කියන්නේ කීයක්ද? අපි පසුගිය අවුරුදු දහයටම අරගෙන තිබුණේ බිලියන පහයි. ඉතිං මේ අහගෙන ඉන්න පොඩි එවුන් අහනවා ඇත්තටම අපේ ජනාධිපතිතුමා මිලියන බිලියන ට්‍රිලියන අඳුරන්නේ නැද්ද කියලා. දැන් මේ කතා කරන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයි. විධායක ජනාධිපතිවරයෙක්. එතකොට මේක ඇහුවම ලංකාවට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා නේද? මෙච්චර ලොකු මුදලක් ඇවිල්ලා මේක හංගගෙන හිටියේ කොහොමද නැති වෙලා ද කියලා. ආයෝජන කරනවාද නැද්ද මේවා තීන්දු කරන්න වෙනවා. මෙයාලා ලංකාව ලාභෙට විකුණනවා. වරාය වික්කා.

ගුවන්තොටුපොළ වික්කා. අර පැත්තෙන් ත්‍රිකුණාමලය විකුණනවා. මේ පැත්තෙන් කන්කසන්තුරේ වරාය විකුණනවා. පලාලි ගුවන්තොටුපොළ විකුණනවා. අනෙක් පැත්තෙන් කොළඹ නගරය විකුණනවා. වරාය නගරය වරාය විකුණනවා. මුළු රටටම වටකරගත් විදේශ බලවේග එක්ක තමයි අද අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.

Related posts

මුද්‍රා මකා අලෙවියට සුදානම්කර තිබූ කුණු බිත්තර ගබඩාවක් වටලයි

Admin

නත්තල වගේම වෙසක් දවසත් ලෝක නිවාඩු දිනයක් කරන්න – නිමල් බෝපගේ

colombotoday

කැබිනට් මාරුවෙන් සම්මුතිය කම්මුතු වන ලකුණු.. අගමැති ජනපති ප්‍රබල හබයක !

colombotoday

මීගමුව ප්‍රා. ලේකම්ගේ සිරුර බාල්කයක

Admin

ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනයට අනුමැතිය.

colombotoday

ඤාණසාර හිමි ඇප මත නිදහස්..

colombotoday