Colombo Today Local News

නත්තල වගේම වෙසක් දවසත් ලෝක නිවාඩු දිනයක් කරන්න – නිමල් බෝපගේ

එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය කියල හඳුන්වන්නේ කුමක්ද?

එක්සත් ජාතීන්ගෙ වෙසක් දිනය ලෙස හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ උත්සවයටයි. මීට අවුරුදු 67කට කලින් ඒ කියන්නෙ 1950 අප්‍රේල් 26 සිට මැයි 2 දක්වා දිවංගත මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමා මහනුවරදී ලෝක බෞද්ධ මහා සම්මේලනයක් ඒකරාශි කළා. ලෝකයේ බෞද්ධ රටවල් එතැනදී ඒකරාශි වුණේ ප්‍රථම වරටයි.

දිවංගත ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා විදේශ ඇමැති ලෙස 1999දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලීමක් කළා. ඒක මුළු ලෝකයටම ථෙරවාදී බුදු දහමේ නායකත්වය කියූ අවස්ථාවක්. ඒ අනුව ලෝකයේ බෞද්ධයන් වෙසෙන රටවලට වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කළා. එම නිවාඩු දිනයෙන් පසුව විශේෂයෙන් තායිලන්තය කේන්ද්‍රස්ථානය කරගෙන සෑම වෙසක් උත්සවයක්ම ජාත්‍යන්තර වෙසක් උත්සවයක් හැටියට සමරනවා. සියලුම බෞද්ධ රටවල නියෝජිතයෝ ඊට සහභාගි වෙනවා. ඒ සෑම ජාත්‍යන්තර වෙසක් උත්සවයකටම අපේ රටෙනුත් නියෝජිත පිරිසක් සහභාගි වුණා. මෙවර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ පළමු වතාවට වුවත් මීට පෙර තායිලන්තයේ 11 වරක්, වියට්නාමයේ 2 වරක් පවත්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවයයි.

• අවසන් උත්සවයේදී ප්‍රකාශයට පත් කෙරෙන මහනුවර ප්‍රකාශනය ලෙස හඳුන්වන්නේ කුමක්ද?

මේ මහනුවර ප්‍රකාශය මඟින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ලෝකයේ සියලුම රටවලට වෙසක් පොහෝ දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිනවා. දැනට වෙසක් පොහෝ නිවාඩුව තිබෙන්නේ බෞද්ධයන් සිටින රටවලට පමණයි. නත්තල් දිනය මෙන් සෑම රටකටම වෙසක් පොහොය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ගැනීම මහනුවර ප්‍රකාශයේ අපේක්ෂාවයි.

මේ ඉල්ලීම සම්බන්ධයෙන් මූලික වැඩකටයුතුත් මේ වනවිට කරගෙන යනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා හා බුද්ධ ශාසන ඇමැතිතුමාගෙ මූලිකත්වයෙන් එම කටයුතු සිදු වෙනවා. ඒ සම්බන්ධ ජනාධිපතිතුමන් ඇතුළත් ඉහළ කමිටුවක් පත්කර තිබෙනවා. ඊට අමතරව අනුකමිටු කිහිපයකුත් පත්කර තිබෙනවා. මේ වැඩකටයුතු වඩාත් සාර්ථක කර ගැනීම ඒ කමිටුවල අරමුණයි. මා පත්කර තිබෙන්නේ ප්‍රචාරක කමිටුවේ සභාපති ලෙසයි. මෙවැනි කතිකාවක් 1950ත් ප්‍රකාශයට පත් කළා.

• ශ්‍රී ලංකාවේදී මෙය පැවැත්වීම වැදගත් වන්නේ ඇයි?

බෞද්ධ ජනතාව හැටියට මෙමඟින් විශාල පණිවුඩයක් ලෝකයට දෙන්න පුළුවන්. 2017 මැයි 12 සිට මැයි 14 දක්වා එම ජාත්‍යන්තර සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එහි ආරම්භක උත්සවය පැවැත්වෙනවා. අවසන් උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාලිගාව කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජනතාවට මේක වැදගත් වන්නේ බුදු දහම ඉන්දියාවේ දී නිර්මාණය වුණත් ඒ රටට වඩා මේ රට තුළ ථෙරවාදී බෞද්ධ දර්ශනය පවතින නිසයි. එතකොට ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය ඇතුළෙ මෙවැනි බෞද්ධ සංස්කෘතියක් පැවැත්වෙන්න අවස්ථාවක් ලැබීම සියලු ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට බුද්ධාලම්භන පී්‍රතියක් ඇතිවන අවස්ථාවක්. වෙනත් වෙසක් උත්සවයකට වඩා අපි මේක පිළිබඳ ශ්‍රී ලංකාව පුරාම ප්‍රචාරක කටයුතු සිදු කරනවා. මේ වැඩසටහන සම්බන්ධව සියලුම බෞද්ධ ජනතාව පුබුදුවාලීමක් අවශ්‍යයි. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට විශාල පණිවුඩයක් දීමට මේ මඟින් අවස්ථාව සැලසෙනවා.

ඒ පණිවුඩයත් එක්ක ශ්‍රී ලංකාවට විශාල සංචාරකයන් පිරිසක් ඇදී එන්නත් අවස්ථාව තිබෙනවා. බුද්ධාගම අද සෑහෙන්න පිරිසක් සොයාගෙන එන ආගම බවට පත්වෙලා. ලෝකයේ විවිධ රටවල තිබෙන අර්බුදකාරී තත්ත්වයන් සලකන විට ඒවා විස¼දාලීම සඳහා බෞද්ධ දර්ශනයට විශාල කාර්යභාරයක් තිබෙනවා. ආගමික ගැටුම්, ඇතිවී තිබෙන ගැටුම් විසඳන්න බෞද්ධ දර්ශනයට පුළුවන්. ඒ වගේම උපාය මාර්ගිකවත් මේ ජාත්‍යන්තර බෞද්ධ සමුළුව වැදගත් වෙනවා. ලෝකය සමඟ එකතු වෙන්න. බෞද්ධ රටවලට එකතු වෙන්න මේක හොඳ අවස්ථාවක් බවද කිව යුතුයි. මහා විහාරය, අභයගිරිය, ශ්‍රී ලංකාවෙන් බුදුදහම තායිලන්තයට, චීනයට ගෙන ගියා. මේ අවස්ථාවත් ඒ තරම්ම වැදගත් බව කිව හැකියි. මෙවැනි ජාත්‍යන්තර සමුළුවකදී ලෝක මට්ටමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන අවධානයත් සුවිශේෂී වැදගත්කමකින් යුක්තයි. ඒක අපේ රටේ ආර්ථිකයට, සංචාරක ව්‍යාපාරයට, ක්‍රීඩා ක්‍ෂේත්‍රයටත් පිටිවහලක් වෙනවා. ඒ අනුව මැයි මාසය වන විට ශ්‍රී ලංකාවේ සියලු දෙනාත් ලෝකයේ සියලු දෙනාත් මේ සඳහා සැදී පැහැදී සිටීමේ තත්ත්වයක් ඇති කරලීමත් අපේ උත්සාහයක්.

මේ සමුළුව මැයි මාසයේ පැවැත් වුණත් ඒ නිමිත්තෙන් මේ වනවිටත් සුවිශේෂී ක්‍රියාමාර්ග රැසක් සිදු වෙනවා. “ඕභඤඤඩඪඵබ ඪඤඥචතඵ ධට ට්ධධඤ ට්ධමඥපදචජඥ” කෘතිය සඳුදා 16දා සවස 4.00ට ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී එළිදක්වනවා. එම කෘතිය සම්පාදනය කර තිබෙන්නෙ බිබිලෙ ඉපදිලා කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ප්‍රංශයේ වසර 32ක් වාසය කරන පූජ්‍ය තම්පලාවල ධම්මරතන හිමියන් උන් වහන්සේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි දෙකක් ලබාගෙන යුනෙස්කෝ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස බෞද්ධාගම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. යහපාලනය ලෝකයට කියන්න අවස්ථාවක් දෙන්න කියල ජනාධිපතිතුමා උන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව තමයි යහපාලනය පිළිබඳ, බෞද්ධ සංකල්පය පිළිබඳ එම ග්‍රන්ථය රචනා කොට තිබෙන්නේ. ඒ සඳහා සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජ්පචදජධඪඵ ඛ්ඩඥදඥබ මහතාත් දායක වනවා.

යහපාලන රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක් ඇති කිරීමටත් මීට සමගාමීව සිදු වෙනවා. රාජ්‍ය ප්‍රතිපත්ති, පර්යේෂණ, චරණීය සංවර්ධනය ආදිය සඳහා එමඟින් අවස්ථාව ලැබෙනවා. බුදු දහමට සම්බන්ධ එවැනි ආයතනයක් ස්ථාපිත කරන්නේ පළමු වතාවටයි.

• මේ සඳහා රටවල් කීයකින් නියෝජිතයෝ සහභාගි වනවාද?

තායිලන්තය, මියන්මාරය, ලාඕසය හා කාම්බෝජය යන ථෙරවාදී රටවල් ඇතුළු රටවල් 91ක නියෝජිතයන්ට ආරාධනා කොට තිබෙනවා. එහිදී බෞද්ධ සන්නිවේදකයන්ගේ සමුළුවකුත් පවත්වනවා. බෞද්ධ දර්ශනයේ සන්නිවේදනය තුළින් සමාජ සාධාරණත්වය හා තිරසාර ලෝක සාමය ගොඩනැංවීම එහි තේමාවයි. ඒ යටතේ වැඩමුළු හතරක් පැවැත්වෙනවා. ලොව පුරා සිටින බෞද්ධ සන්නිවේදකයන්ට මහාචාර්යවරුන්ට, මාධ්‍යවේදීන්ට ඊට සහභාගි වන ලෙස ඇරයුම් කොට තබෙනවා. වර්තමානයේ ලෝකයේ ඇතිවී තිබෙන අර්බුද විසඳීමට බුදු දහමෙන් කියා දෙන පණිවුඩය ගැන එක්සත් ජාතීන්ට වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් එම වැඩමුළුව මඟින් පියවර ගන්නවා. බෞද්ධ සංකල්ප ලොව පුරා ප්‍රචාරය කිරීම එහි මූලික අරමුණයි. එවැනි සන්නිවේදකයන්ගේ සමුළුවක් පැවැත්වෙන්නේ පළමු වතාවටයි.

• මේකට රාජ්‍ය නායකයන්ට ආරාධනා කොට තිබේනවද?

විශේෂයෙන්ම මේකට බෞද්ධ රටවල උසස් නියෝජිතයෝ සහභාගි වෙනවා. අපේ රටේ අතිපූජ්‍ය මහානායක හිමිවරුන් සහභාගි වෙනවා.

• ඉන්දියාවෙ අගමැතිතුමා සහභාගි වෙනවාද?

අපි ආරාධනා කොට තිබෙනවා. ඒ වගේම අපේ බලාපොරොත්තුව මේ සඳහා සුවිශේෂී රාජ්‍ය නායකයන් කිහිපදෙනකුත් සහභාගි කරවීමටයි.

• ඇතැම් ප්‍රදේශවල බුදු පිළිම විනාශ කරමින් තියෙනවා. ඒවා මේ සම්මේලනයට බාධාවක් නොවේද?

ලෝකයේ මේ වනවිට ආගමික, වාර්ගික, ත්‍රස්තවාදී විවිධ ගැටුම් තිබෙනවා. ඒ අතර ආගමික ගැටුම් ඉතා සංවේදීයි. මෙවැනි සමුළුවකදී ගැටලුවලට උත්තර සොයන්න තිබෙන සංකල්ප පිළිබඳ සියලු දෙනාගේ අවධානය යොමු වේවි! ආගම් අතර තරගයකට වඩා පිළිම කැඩීම වැනි දේවල නිසරු බව අවබෝධ වේවි! මේවගෙන් අපි ප්‍රවර්ධනය කරන්නේ යහපත් දේ පමණයි. බුදු පිළිමයකට කරන හානිය බෞද්ධ ආගම අදහන අයගෙ ආධ්‍යාත්මික චරිතයට කරන පහරදීමක්. ඒවා ඒ අය තේරුම් ගනීවි.

දෙනගම ධම්මික රණවීර

Related posts

නිරෝධායන ඇදිරිනීතිය කඩ කළ තවත් 150ක් අත්අඩංගුවේ

colombotoday

අද ගෑස් බෙදා දෙන අලෙවි ස්ථාන මෙන්න

colombotoday

පුත්තලමේ කඩොලාන කැපිල්ලෙන්, නුදරේදී කාන්තාකරීණයට අතවනයිද?.

colombotoday

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

colombotoday

කොළඹට එන දුර ගමන් සේවා බස් රථ යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර

colombotoday

මාරවිල, තොඩුවාවේදී මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයාගනී

colombotoday