Colombo Today Local News

Airtel 3G ජංගම දුරකථන ජාලය අක්‍රීය කිරීමට අවසර

Airtel 3G ජංගම දුරකථන ජාලය 2022.06.24 දින වනවිට ක්‍රියාවිරහිත කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසරලබා දී තිබේ.

ඒ අනුව එම ජංගම දුරකථන ජාලය හරහා පහසුකම් ලබාගන්නා 2G සහ 3G තාක්ෂණයන්ගෙන් පමණක් බලාත්මක ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන්ගේ සම්බන්ධතාවයන් ස්වයංක්‍රීයව අත්හිටුවීමක් සිදුවනු ඇත.

3G ජාලය ක්‍රියාවිරහිත කිරීමේ ප්‍රධාන අරමුණ 3G තාක්ෂණය සදහා දැනට භාවිතා කරන සංඛ්‍යාත 4G තාක්ෂණය ප්‍රවර්ධනයසදහා යොදා ගනිමින් පාරිභෝගිකයන් හට වඩා වේගවත් සහ පුළුල් සේවාවක් ලබාදීමය.

මේ සදහා එයාටෙල් (Airtel) ආයතනයට මාස 15 ක සංක්‍රාන්ති කාලසීමාවක් ලබාදී තිබුණි.

3G ජාලය ක්‍රියාවිරහිත කිරීමෙන් අදාළ පාරිභෝගිකයන් හට ඇතිවිය හැකි අපහසුතා මගහරවා ගැනීමට මෙලෙස සහන කාලසීමාවක් ලබාදී තිබේ.

එයාටෙල් ආයතනය ඔවුන්ගේ 3G ග්‍රාහකයන්ගෙන් යටත්පිරිසයෙන් 90% එයාටෙල් (Airtel) 4G ජාලයට අන්තර්ග්‍රහණය කර ගැනීමට පහත සදහන් කොන්දේසි යටතේ බැදීසිටී.

  1. පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා 3G ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් එම ජාලය විසන්ඳිවීමට පෙර 4G ජංගම දුරකථන ජාලය භාවිතය සදහා පෙඹබවිම.
  2. 3G ග්‍රාහකයන් සදහා 4G ජංගම දුරකථන ලබාගැනීම සදහා පහසු ගෙවීමේ ක්‍රම යටතේ සහනදායි මිලට ලබාගැනීමට හැකි පහසුකම් උපරිමයෙන් සලසා දීම.
  3. සංක්‍රාන්ති කාලය තුල එසේ ලබාගන්නා 4G දුරකථන සම්බන්ධතා සදහා සිත් ගන්නා සුළු දුරකථන පැකේජ හදුන්වාදී කියාත්මක කිරීම.
  4. 3G ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් වෙත කෙටි දුරකථන පණිවිඩ (SMS) මගින් නිශ්ච්ත කාලාන්තර වලදී මෙම ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීම සහ එම පාරිභෝගිකයන් නියමිත කාලයට පෙර 4G දුරකථන සම්භන්ධතාවයන් ලබා ගැනීමට දිරිගැන්වීම.

ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එයාටෙල් ආයතනය වෙත කෙටි දුරකථන අංක 780 ඔස්සේ අමතා ඉහත කොන්දේසි වලට අනුකුලව 4G ජංගම දුරකතනයක් ලබාගැනීමට කටයුතු කරන ලෙසටය.

අදාළ පාරිභෝගිකයින් හට 2022.06.01 දින දක්වා මෙම සහනය ලබාගත හැකිවනු ඇති.

එසේම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ මේ පිලිබඳව ඉහත කාලසීමාව තුල යම් ගැටලුකාරී තත්වයක් ඇතිවුහොත් ඒ පිලිබඳව පහත ලිපිනයන් ඔස්සේ එම කොමිසම වෙත දැනුම්දෙන ලෙසටය.

අධ්‍යක්‍ෂක ජනරාල්
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
නො. 276, ඇල්විටිගල මාවත,
කොළඹ 08

විද්‍යුත් තැපෑල: smcomp@trc.gov.lk
ෆැක්ස්: 011 2689341
දුරකථන: 011 2689345

Related posts

යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවෙන් ඉල්ලා අස්වේ.

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ කළු ඉරිදා ගැන තතු පාප් වහන්සේට

colombotoday

ශ්‍රීලනිපයට සහාය නොදෙන ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ආසන සංවිධායකකමින් ඉවතට !!

colombotoday

රන් මිල තවත් ඉහළට

colombotoday

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

“අවස්ථාව එනතුරු ඔවුන් බලා සිටිනවා.. අපි ඒ බව අමතක කර තිබෙනවා” දකුණට වසං කරන අනතුර ගැන හිටපු හමුදා ජ්‍යෙෂ්ඨයෙක් කියයි

colombotoday