Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ කළු ඉරිදා ගැන තතු පාප් වහන්සේට

පාස්කු ඉරිදා සිදු කළ බෝම්බ ප‍්‍රහාරයේ විමර්ශන පිළිබඳ සහ වත්මන් තත්ත්වය ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප් වහන්සේ වෙත වරින් වර දැනුම් දුන් බව කොළඹ අගරදගුරු පදවියේ ප‍්‍රකාශකයෙක් පවසා ඇතැයි අද ප්‍රධාන පුවත්පතක් වාර්තා කර තිබේ.

ඒ අනුව කොළඹ පිහිටි වතිකන් තානාපති කාර්යාලය මගින් මෙම දැනුම්දීම් මෙසේ සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරය පදනම් කරගෙන කළු ඉරිදා වශයෙන් නම් කර සිදුකරන ආගමික මෙහෙයක් පිළිබඳව ද පාප් වහන්සේ වෙත වාර්තා කර ඇති බවයි වැඩි දුරටත් එම පුවත්පත සඳහන් කරන්නේ.

Related posts

තිස්සට එජාපයෙන් යළිත් ඇරයුම් !

colombotoday

හාල්මැස්සො පස්සේ ගිහිල්ලා උසාවි පුරවන විට ජාවාරම්කාරයෝ බේරිලා යනවා

Admin

වගාබිම කුණුවෙනවා. බොල්වෙනවා. – කෘෂි රසායන ගෙන්වන්නේ වගා කන්නය ඉවර වුනාමද?

colombotoday

වැල්ලම්පිටියේ ගංවතුර බලන්න පවුල් පිටින් සංචාරයේ ආ ඇමතිට හූ කියා පන්නයි

colombotoday

සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට

colombotoday

උද්ධමනය තවත් පහළට

Admin