Covid 19

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10කට කොරෝනා

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබේ.

එම අසාදිතයින් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව අඹගමුව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

එම ජල විදුලි බලාගාරයේ සේවකයින් තිදෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වූ නිසා එම ජල විදුලි බලාගාරයේ සෙසු සේවකයින් ඊයේ (05)දින ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහිදි සේවකයින් 07 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව එම නිලධාරියා කියා සිටියේය.

එම අසාදිතයින් හමුවීමත් සමග ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ තවත් සේවකයින් 140 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කර එම සේවකයින් ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයේ සේවක නිල නිවාස වලම ස්වයං නිරෝධායනයට යොමු කළ බව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිලධාරියෙක් පැවසීය.

Related posts

නව කොවිඩ් රෝගීන් 2,884 ක්

colombotoday

කොරෝනා ආසාදනය වු බවට සැක අකුරණ මුස්ලිම් ජාතිකයෙකු IDH රෝහලට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2682 දක්වා ඉහළට

colombotoday

දැනට ආසාදිතයින් 3,223ක්

colombotoday

තවත් ආසාදිතයින් 12 ක් හමුවෙයි

colombotoday

කොවිඩ් ආසාදිතයින් 281 ක්

colombotoday