Colombo Today Local NewsUncategorized

ජලාශ කිහිපයක වාන් දොටු අරී

අධික වර්ෂාවත් සමග ජලාශ කිහිපයක වාන් දොටු විවෘත කර තිබේ.

මහනුවර හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ඇඳහැළුණු වර්ෂාව නිසා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

වාරි ඉංජිනේරුවරුන් පවසන්නේ, ඒ හේතුවෙන් පොල්ගොල්ල වේලලේ වාං දොරටු තුනත් විවෘත කර ඇති බවත් පොල්ගොල්ල වේල්ලේ පහළ ජනතාවට අවධානයෙන් සිටිය යුතු බවයි.

මධ්‍යම කඳුකරයට තවදුරටත් තද වැස ඇද හැලීම හේතුවෙන්, ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබිමත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලිවල ඇද හැලෙන ජල ධාරිතාව ද ඉහළ ගොස් තිබේ.

මේ අතර දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය තව දුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

මේ අතර අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 5 කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය ද අද (2)රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කලේ ගාල්ල , කළුතර, මහනුවර, කෑගල්ල, සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයකට මෙම නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කළ බවයි.

Related posts

සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ තීරණයක්

colombotoday

බැසිල්ට එරෙහි ජී.අයි. බට නඩුව තවදුරටත් පවත්වා ගෙන යෑම පිළිබද සලකා බලන්නැයි, නීතිපතිවරයාගෙන් ඉල්ලීමක්

colombotoday

ජනතාවගේ මුදලින් දැන්වීම් දමා ජනතාව රවටන ආණ්ඩුව

colombotoday

බෝරා ප්‍රධානියා 36 දෙනෙකුගෙන් යුත් පිරිවරක් සමගින් ශ්‍රී ලංකාවට

colombotoday

ඡන්දය පාවිච්චි නොකිරීම විශාල පාපයක් – රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට දැඩි ආරක්ෂාවක්

colombotoday