Colombo Today Local News

ශ්‍රීලනිපයට සහාය නොදෙන ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ආසන සංවිධායකකමින් ඉවතට !!

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආසන සංවිධායක ධුර දරමින් පක්‍ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහාය ලබා නොදෙන ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුම දෙනා ළඟදීම ආසන සංවිධායක ධුරවලින් ඉවත් කරන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (13දා) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වන නමුත් ඒකාබද්ධ විපක්‍ෂය නියේජනය කරන මන්ත්‍රීවරුන් පක්‍ෂ ප්‍රති සංවිධාන වැඩපිළිවෙළට සහය ලබා නොදීම නිසා මැතිවරණ කොට්‌ඨාස රැසක පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම කීය.

එම නිසා අලුතින් ආසන සංවිධායකවරුන් එම මැතිවරණ කොට්‌ඨාස සඳහා පත් කිරීමට පක්‍ෂය තීරණය කර තිබෙන බවත් කී ඒ මහතා ඒ සඳහා සුදුසුකම් ඇති ආසන සංවිධායකයන්ගේ නාම ලේඛනයක්‌ පක්‍ෂය විසින් සකස්‌ කර තිබෙන බවද පැවසීය.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ තව දින 6කින් අරඹයි

colombotoday

තහනම පුස්සක් වෙයි.. සියළු මන්ත්‍රීන් තීරබදු රහිත වාහන බලපත් අරන්

colombotoday

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැබ් රථයක ගැටෙයි

colombotoday

පන්සල් හදන්න සල්ලි දුන්නෙ කාගෙ උවමනාවටද අහනවා.. ඔන්න අද රටේ තත්වය

colombotoday

අගමැති අද සිය ධුරයේ වැඩ බාරගනී

colombotoday

රාමසාන් සඳ අද

Admin