Colombo Today Local News

පන්සල් හදන්න සල්ලි දුන්නෙ කාගෙ උවමනාවටද අහනවා.. ඔන්න අද රටේ තත්වය

12871493_1061223717272699_2754901126835985250_nජනතා ගැටළුවලට විසදුම් දීම අමතක කර ඇති වත්මන් රජය සිය ප්‍රමුඛතම කාර්යය කරගෙන ඇත්තේ පලිගැනීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පෙරේදා (28) දිවුලපිටිය මුනින්දාරාම විහාරස්ථානයේදී පැවති උත්සවයක් අමතමිනුයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ.

පන්සල් හැදීම සදහා මුදල් වියදම් කරේ කාගේ උවමනාවටදැයි අසමින් පසුගිය රජයේ දේශපාලකයන් ගෙන්වා පැය ගණන් ප්‍රශ්න කරන බවත්, එවැනි ප්‍රශ්න ඇසීමට තරම් මේ රජය බංකොලොත් වී ඇති බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසීය.

දිවුලපිටිය හල්පේ මුනින්දාරම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය සහිත දෙමහල් සංගාවාසය විවෘත කිරීමේ පිංකම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අතිපූජ්‍ය නාපනේ පේමසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයත්, දේශපාලන නියෝජිතයින් හා විශාල පිරිසක් මේ පිංකම සදහා එක්වී සිටියහ.

Related posts

සිසුවියන් ට ලිංගික අතවර කිරීමේ චෝදනාට කළුතර උපකාරක පන්ති ගුරා රිමාන්ඩ්

Admin

රණවිරුවන් වෙනුවෙන් මේ ආණ්ඩුවේ කැපවීම උපරිමයි… ගිය ආණ්ඩුවෙන් වගේ හිරේ දාන්නෙ නෑ – සරත් අමුණුගම

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කළකිරීමෙන්.. ඉවත්වෙන්න සූදානම් !

colombotoday

65ක කාන්තාවක් පොල් අතු නිවසක පිලිස්සි මියයයි

Admin

මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ 8 ක්

colombotoday

සිමෙන්ති හිඟයක් ? වැඩි මිලට වික්කොත් වැඩ වරදී

colombotoday