Colombo Today Local News

“අවස්ථාව එනතුරු ඔවුන් බලා සිටිනවා.. අපි ඒ බව අමතක කර තිබෙනවා” දකුණට වසං කරන අනතුර ගැන හිටපු හමුදා ජ්‍යෙෂ්ඨයෙක් කියයි

nst3

නිදහස්‌ වී උතුරේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් 12000 ක පිරිසක්‌ සාමාන්‍ය ද්‍රවිඩ වැසියන් නොවේ. ඔවුන් ප්‍රභාකරන් යටතේ විනාශකාරී ක්‍රියාවලට පුහුණුව ලැබූවන්ය. පුනරුත්ථාපනය වූ බව රජය පැවසුවත් එම කොටි ක්‍රියාකාරීන් සිය ඉලක්‌ක වෙත නොයන බවට කිසිවකුටත් තහවුරු කළ නොහැකිය. මේ පසුබිම මැද පෙරේදා සවස චාවාකච්ෙච්රියේ මාරවන්පුලාවූ ගම්මානයේ නිවසක්‌ වැටලූ පොලිසිය ක්‌ලේමෝ බෝම්බ හතරක්‌ ටී. එන්. ටී. පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක්‌ මි. මී. 9 පතරොම් 100 ක්‌ සහ බෝම්බ කබායක්‌ සොයාගනු ලැබීය. මේ උපාංග ප්‍රහාර සැලසුමක්‌ සඳහා නොවන බව කිව හැකිද? මෙයට වසර ගණනකට පෙර ප්‍රභාකරන්ගේ සමීපතම මිත්‍රයකු වූ සීලන් චාවාකච්ෙච්රි පොලිසියට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය ද අමතක නොකළ යුතුය.

චාවාකච්ෙච්රි සිද්ධියට සම්බන්ධ මෙම නිවස වැටලූ බවට වාර්තා වූ විගස ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරු වූ සූරිච් නගරයේ වෙසෙන ශ්‍රීකුගන්ගේ යුරෝපා වෙබ් අඩවියේ යාපන නියෝජිතයා එම ස්‌ථානයට ගොස්‌ නිවසේ තිබී හමුවූ උපාංගවල ඡායාරූප ගත් බව වාර්තා විය.

සොයාගත් පුපුරණ ද්‍රව්‍යවලට අමතරව සිම් කාඩ් හතරක්‌ ද තිබූ බව හෙළිවිය. එහෙත් එම ස්‌ථානයේ සිම් කාඩ් තිබූ බව දැක්‌වෙන තොරතුරු වසන් කිරීමට බලධාරීන් ක්‍රියා කර ඇත.

පුපුරණ ද්‍රව්‍ය හා අනිකුත් උපාංග තිබූ නිවසේ පදිංචිකරු හිටපු කොටි ක්‍රියාකාරිකයකු වූ එඩ්වඩ් පුලියන් හෙවත් රමේෂ් නමැත්තකු බව වාර්තා විය. මේ සිද්ධිය වාර්තා වූ විට උතුරේ කොටි හිතවාදීන් විගස ලොව පුරා ප්‍රචාරයක්‌ යවමින් ජූඩ් සෙබස්‌තියන් යුද හමුදාව සමග සබඳකම් පවත්වන්නකු බව කියා සිටියේය. එහෙත් රමේෂ් නමැත්තා හමුදාවට අසු නොවූ අයෙකි.

මෙලෙස උතුරේ නිවසකදී පුපුරණ ද්‍රව්‍ය හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ආරක්‍ෂක බලධාරියකු පැවසුවේ චාවාකච්ෙච්රි නිවසේ තිබී හමුවූ පුපුරණ ද්‍රව්‍ය මෙරට ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ නැති බවයි. එහෙත් බෝම්බ කබාය අලුත්ම ඇඳුම් කට්‌ටලයකි.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් ටී. එන්. ටී. පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ කබායක්‌ නිවසක තබා ගත්තේ කෞතුක භාණ්‌aඩ ලෙස සුරක්‍ෂිත කිරීමටද යන්නයි. වසර කීපයකට පෙර ජම්පටාවීදියේදී මදිනි නමැති මරාගෙන මැරෙන කොටි බෝම්බකාරියක්‌ අසු විය. ඇය හෙළි කළ තොරතුරු මත බෝම්බ කබායක්‌ සොයා ගැනුණි. මේ බෝම්බකාරිය ළඟ තිබූ කොල කැබැල්ලක දුරකථන අංකයක්‌ සඳහන් විය.

එය කොළඹ ද්‍රවිඩ පුවත්පතක සේවය කරන්නකුගේ දුරකථන අංකයයි. එම ද්‍රවිඩ මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු සාක්‍ෂි නැති බව පැවසූ පොලිසිය ඔහුව නිදහස්‌ කළේය. මදිනි තවදුරටත් පැවසුවේ බෝම්බ කබාය ගෙන ආවේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට බවයි. මේ තත්ත්වය මත චාවාකච්ෙච්රියේදී බෝම්බ කබායක්‌ සහ පුපුරණ ද්‍රව්‍ය අසුවූයේ වළලා තිබී නොවේ. ඒවා සොයාගනු ලැබුවේ නිවසක තිබියදීය. මේ නිසා එකී විනාශකාරී ද්‍රව්‍යවලින් ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සැලසුමක්‌ නොතිබූ බව කිව හැකිද?

චාවාකච්ෙච්රියේදී පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය යටපත් කිරීම සඳහා නෝර්වේහි සිටින කොටි ප්‍රධානියකු වූ නෙදියවන්ගේ පිරිස පොලිස්‌ අත්අඩංගුවේ සිටින රමේෂ් නමැත්තා ශ්‍රී ලංකා සෙබළකුගේ මිත්‍රයකු බවට ප්‍රචාරය කරනු ලැබීය.

ඉන්දියාවේ ගෝල්ඩන් ටෙම්පල් නමැති සීක්‌a දෙවොල ත්‍රස්‌තයන්ගෙන් බේරා ගැනීමට දියත් වූ බ්ලූස්‌ටාර් මෙහෙයුමට අණ දුන් ජෙනරාල් අරුන් විද්‍යාගෙන් පළි ගැනීමට සීක්‌ ත්‍රස්‌තයන් ක්‍රියා කළේ වසර ගණනකට පසුවය. එම බ්ලූස්‌ටාර් මෙහෙයුමට සම්බන්ධ ජෙනරාල් කුල්දිප් සිං සහ ඔහුගේ බිරිය ලන්ඩන් නුවරදී ඝාතනය කිරීමට සීක්‌ ත්‍රස්‌තයක්‌ දැරූ උත්සාහයන් අසාර්ථක විය.

මෙවන් පසුබිමක්‌ මැද උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් සහ ද්‍රවිඩ සංධානය රැඳවුම්භාරයේ සිටින කොටි ත්‍රස්‌තයන් 200 කට පොදු සමාව දෙන ලෙස කියා සිටී.

මේ කොටි ත්‍රස්‌තයන් අතර පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් විවිධ බිහිසුණු ක්‍රියාවලියට සම්බන්ධ වූවන් වේ. මොවුන් නිදහස්‌ කර ගැනීමට විග්නේශ්වරන්ලා උත්සාහ කිරීමේ යථාර්ථය තේරුම් ගත යුතුය.

ඇමරිකානු රජය ගුවන්තනාමෝබේ සිරකඳවුරේ සිටි අල්කයිදා ත්‍රස්‌තයන් රැසක්‌ නිදහස්‌ කරනු ලැබීය. පසුව සී. අයි. ඒ. සංවිධානය පැවසුවේ නිදහස්‌ කළ අල්කයිදා ත්‍රස්‌තයන්ගෙන් වැඩිදෙනකු ආපසු ත්‍රස්‌ත ක්‍රියාවලට එකතුවී ඇති බවයි.

රජය සංහිඳියාව පිළිබඳ කටයුතු කරද්දී උතුරින් පුපුරණ ද්‍රව්‍ය හමුවීම යහපත් ප්‍රවණතාවක්‌ නොවේ. හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු පැවසුවේ ආරක්‍ෂක හමුදාවට අසු නොවූ අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය උතුරේ ඇති බවයි. මේ උපාංග තිබෙන ස්‌ථාන දන්නේ හිටපු කොටි ක්‍රියාකාරීන් පමණකි.

ඔවුන් අවස්‌ථාව එනතුරු බලා සිටිනවා”, ඒ බව අපි අමතක කර තිබෙනවා යෑයි හෙතෙම පළ කළේය.

වන්නි මෙහෙයුම අවසානයේදී රුපියල් කෝටි 3500 ක අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය හමු විය. එවැනි විටෙක උතුරේ තවත් පුපුරණ ද්‍රව්‍ය හා අවි ආයුධ නැතැයි කිව හැකිද?

2014 අප්‍රේල් මාසයේදී උතුරේ රහසිගත මෙහෙයුමක්‌ දියත් කිරීමට සැලසුම් කළේ ස්‌විට්‌සර්ලන්තයේ සිටින කොටි ක්‍රියාකාරිකයකු වූ සන්තෝෂම් මාස්‌ටර් ය. මෙවැනි සන්තෝෂම් මාස්‌ටර්ලා තවත් නැතැයි කිව හැකිද?

කීර්ති වර්ණකුලසූරිය

Related posts

ෂොපින් බෑග් එකක් අරං ආපු රිෂාඩ් කෝටිපතියෙක් වුණ හැටි

colombotoday

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

නේපාලයේ සිටි සිසුන් රැගත් ගුවන් යානය කටුනායකට

colombotoday

පානදුර ඝාතනයේ සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

මෙතෙක් බිහි වූ කාර්යක්ෂම සෞඛ්‍ය ඇමතිවරයා රාජිතයි – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

colombotoday

මැතිවරණ නිලධාරීන් තෑගි දෙන්න ආ හිටපු ජනපති හරවා යවයි

colombotoday