Uncategorized

විදුලි පාරිභෝගික සේවා ලොරි රථය හරස් කර නිලධාරියෙකුට පහර දුන් උද්ඝෝෂකයෝ පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි කාර්මික නිලධාරියෙකුට පහර දි තුවාල සිදු කල තරුණයන් පස් දෙනෙකු හැටන් පොලිසිය විසින් (29) දින සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරිඩ්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් පස් දෙනා ලබන මස (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර එදින හදුනාගැනිමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කලහ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හැටන් ෂැනන් වතු යායේ පදිංචි අවු 20-25 වයස් කාණ්ඩ වල පසුවන තරුණයන් පස් දෙනෙකි.
සැකකරුවන් පස්දෙනා (28) දින බිමත්ව උද්ඝෝෂණයක නිරතව සිටියදි විදුලි බිද වැටිමක් නඩත්තුවට ගොස් ආපසු හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත පැමිණෙමින් සිටි එම නිලධාරියාට පහර දි ලොරි රථයේ යතුරු සැකකරුවන් භාරයට ගෙන ඇත.

පහර කැමට ලක් වු විදුලි බල මණ්ඩලයේ කාර්මික නිලධාරියා මේ වන විට දික්ඔය මුලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අතර , අයුතු ජනරාශ්‍රිය , අනර්ථයක් සිදු කිරිම , පහර දි තුවාල සිදු කිරිම යන චෝදනා යටතේ එම සැකකරුවන් පස්දෙනාට එරෙහිව හැටන් පොලිසිය විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇත.

මෙම සැකකරුවන් පස්දෙනා ඇතුළු එම වතුයායේ තවත් පිරිසක් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ (28) දින ටයර් පුළුස්සා සිදු කල උද්ඝෝෂණය හේතුවෙන් හැටන් නුවරඑලිය , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය පැය දෙකකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය දීර්ඝ කරයි

Admin

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin

ඇමති අකිලට ජනපතිවරණ වේදිකාවේදී සජිත්ගෙන් කනේ පාරක් !

colombotoday

වත්කම් බැරකම් හොයන්න, ඇමති බදුර්දීන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

colombotoday

සුපිරි වෙළෙඳසැලක අනතුරකින් තිදෙනෙක් මරුට

Admin

“මාවයි අම්මවයි තනිකරල එයා යන්නම ගියා” – මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයන ගැන පුතු තැබූ සංවේදී සටහන

colombotoday