Colombo Today Local News

ගණිත ගැටළු සරලව විසදන උපකරණයක් හදා රටේ නම ලෝකයට ගෙන යන යාපනේ සෝමසුන්දරම්

යාපනය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සෝමසුන්දරම් විනෝජ්කුමාර් නමැති සිසුවා ගණිත ගැටළු ඉතා සරලව විසදිය හැකි උපකරණයක් නිර්මාණය කොට ඇති අතර එය අත්තරජාතික තාක්ෂණ තරගාවලියකට හා ප්‍රදර්ශනයකට ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබා තිබේ.

එම උපකරණයේ අයිතිය සම්බන්ධයෙන් වූ පේටන්ට් බලපත්‍රය හිමිකරගෙන ඇත්තේද විනෝජ්කුමාර් ශිෂ්‍යයා වන අතර ඔහු මේ වන විට විවිධ තාක්ෂණික උපකරණ නිපදවීම තුළින් දේශීය සම්මාන 32 ක් හා අන්තර්ජාතික සම්මාන 81 ක් දිනාගෙන ඇත.

ලෝකයේ රටවල් 97 ක පිහිටි විශ්වවිද්‍යාල දහසකින් පමණ සිසුන් මෙම තාක්ෂණික තරගාවලියට හා ප්‍රදර්ශනයට සහභාගි වන අතර ලබන පෙබරවාරි මස 1 දා සිට 6 වෙනිදා දක්වා එම තරගය හා ප්‍රදර්ශනය තායිලන්තයේ බැංකොක් නගරයේදී පැවැත්වීමට නියමිතය.

 

Related posts

ගවයින් 16ක් ඕමන්තේදී දුම්රියක ගැටෙයි

colombotoday

ඉන්දු – ලංකා ගිවිසුම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

පාන් මිලත් ඉහළ යයි

colombotoday

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කොවිඩ් රාජකාරි අත්හරිති

colombotoday

නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇදිරි නීතිය…

colombotoday

රොහින්ග්‍යා ඉස්ලාම් අන්තවාදීන්ගේ ඇත්තම කතාව.. බුරුම හිමිනමක් සිංහලෙන් පැහැදිළි කරයි

colombotoday