Colombo Today Local News

මාධ්‍යවේදීන් කියාගත් බඩජාරීන් පිරිසක් ජනපති කොමිෂන් වාර්තාව කණපිට හරවයි…

පෙරේදා 23 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ බරපතල වංචා දූෂණ පිළිබදව විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇවන්ගාඩ් ව්‍යපාරය පිළිදබව දැක්වෙන් කරුණු විකෘති කරමින් සිරස රූපවාහිනිය ඉදිරිපත් කළ වැඩසටහනක් සම්බන්ධයෙන්, ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා සිය  ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ අදහස් දක්වා ඇත.

2018 ජනවාරි 24 දින සිරස රාත්‍රී 7 ප්‍රවෘත්ති ප්‍රකාශය තුළට කඩා වැදුණු සිරසේ නිවේදකයන් යැයි හඳුන්වා ගන්නා බඩජාරි පිරිසක් ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය පිලිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාව පදනම් කරගනිමින් පිස්සන් කොටුවෙන් පැන එන ලද පිස්සන් තුන්දෙනෙකු ලෙස අදහස් දක්වන්න විය.

ජනාධිපති කොමිෂන් වාර්තාව ගැන සිරස එසේ පැවසුවද, එම වාර්තාවේම මේ ආකාරයට සඳහන් වේ. සිරස රූපවාහිනිය එය නොපවසන්නේ මන්ද?

පිටුව 244 වන පිටුවේ මෙසේ සඳහන් වේ,

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගම සහ රැල් සමාගම අතර, ගිවිසුම් ගණනාවකට ඇතුළත් වී ඇති අතර, මෙම ගිවිසුම් “x “ලෙස ලකුණු කර ඇති ගිවිසුම මගින් නැවත බලාත්මක කොට පවත්වාගෙන යෑම සඳහා රැල්ල ආයතනයේ වත්මන් සභාපති ද කටයුතු කර ඇත. ඇවන් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගම මුහුදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්, නිපුනත්වයක් ඇති ජාතික වශයෙන් ආර්ථිකයට දායකත්වයක් ලබාදෙන සහ රැකියා අවස්ථා සලසන පුද්ගලික ආරක්ෂක සේවා සපයන සමාගමක් බව සාක්ෂි තුලින් හෙළිදරව් විය. සිරස රූපවාහිනිය මෙම ඡේදය දැක නැත.

එමෙන්ම 248 වන පිටුවේ මෙසේ සඳහන් වේ,

ඒ අනුව x දරන ගිවිසුම මගින් 2014 දෙසැම්බර් මාසය වන විට පැවති විවිධ බද්ධ ව්‍යාපාර ගිවිසුම් නැවත ස්ථාපනය කර ඇත. එසේ වුවද, නිසි නීතිමය කරුණු සැලකිල්ලට ගෙන මෙම බද්ධ ව්‍යාපාර ගිවිසුම් දෙපාර්ශවයටම පාඩුවක් නොවන ආකාරයට නැවත සලකා බැලීමට සුදුසු බව මෙම කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලැබේ.

අති මහත් පුදුමයකි, සිරස රූපවාහිනිය මෙම ඡේදය ද දැක නැත. එසේ වූයේ මන්ද?
නිමල් කුක් ට මෙම ව්‍යාපාර අත්පත්කර ගැනීමට නොහැකි වූ නිසා ද?

– නිශ්ශංක සේනාධිපති  FB

Related posts

කොළඹ යෝක් වීදිය අවහිර කරමින් අන්තරේ තවදුරටත් විරෝධයේ..

colombotoday

එක්නැලිගොඩ නැවතත් කරළියට.. මූලික පරීක්ෂණ විභාගය යළි අරඹයි !

colombotoday

නියෝජ්‍ය ඇමති රන්ජන්ට වැඩ වරදින ලකුණු…

colombotoday

ශ්‍රී මුඛ කතාවට සජිත් ප්‍රසිද්ධියේ සමාව ගනී !

colombotoday

“අපි කොටි සමරණවාමයි.. හැකිනම් නවතනු“ – TNA ශිවාජිලිංගම්ගෙන් රජයට අභියෝගයක්

colombotoday

සිංහලේට එරෙහිව එකම ලේ වීදිබසී.. මුස්ලිම් අයිතීන් සහ සමලිංගික අයිතීනුත් ඉල්ලයි

colombotoday