Colombo Today Local News

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කොවිඩ් රාජකාරි අත්හරිති

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එළඹෙන සතියේ සිට කොවිඩ් රාජකාරිවලින් ඉවත් වීමට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තිය සන්ධානය තීරණය කර ඇත.

කොවිඩ් රාජකාරි සිදු කරන පිරිසට ලබාදෙන අමතර දීමනාව ලබාදීම, දීපව්‍යාප්ත සේවාවක් වූ ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ තනතුරු පත් කිරීම, පළාත් සභා වෙත පැවරීම වහා හකුළා ගැනීම එම ඉල්ලීම් අතර වේ.

මේ සම්බන්ධයෙන් බලධාරීන් දිගින් දිගටම දැනුවත් කළ ද මෙතෙක් ඊට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙලෙස කොවිඩ් රාජකාරිවලින් ඉවත් වන බව එම සන්ධානයේ ලේකම් චමල් ආර්. කුලතිලක පවසයි.

ඒ අනුව ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මගින් සිදු කරන ජනතාවගේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළින් සහ නිවෙස් නිරෝධායන මෙන්ම නිවෙස් ගත ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කටයුතුවලින් ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් මෙලෙස ඉවත් වන බව ද හෙතෙම සදහන් කරයි.

Related posts

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Admin

20 සම්මත වීමෙන් ජනතාවගේ බලාපොරොත්තු ඉටුවුනා..

colombotoday

ETCA හරහා අපේ ආර්ථික දේහයම ඉන්දියාව ගිලගන්නවා.. රහසිගත කෙටුම්පතක් දයාන්ගෙන් එළියට

colombotoday

“සර්, ඇත්තටම වංචාවක් වෙලාම නැද්ද” – රන්ජන් කෘත්‍යාධිකාරියේදී අගමැතිගෙන් මූණටම අසයි

colombotoday

” අඛණ්ඩව බොර තෙල් ආනයනය කිරීමට කටයුතු කරනවා “

colombotoday

නොවැම්බර් 03ට කලින් Instagram සහ Facebook ගිණුම් අක්‍රීය කලොත් සකර්බර්ග් ගෙන් ඇ.ඩො 20ක්

colombotoday