Colombo Today Local News

එජාප-ශ්‍රීලනිප අවුල ලිහා යහපාලන දීගය රැකගන්න තානාපති මෙහෙයුමක්

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මේ වන විට හටගෙන තිබෙන දේශපාලන ආරවුල සමථයකට පත්කිරීම සදහා බටහිර ප්‍රබල රටවල් හතරක තානාපති අංශ මැදිහත් වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ සදහා තානාපති අංශ යොමුකර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානීන් යැයි පැවසේ. එජාපය සහ ශ්‍රීලනිපය අතර විරසයක හේතුවෙන් යම් හෙයකින් යහපාලන රජය බිදවැටුණහොත් එය යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතකරගැනීමට නොහැති වාතාරණයක් උද්ගතවන බැවින් කඩිනමින් මැදිහත් වී ප්‍රශ්නය විසදන ලෙස ද්‍රවිඩ සන්ධානය තානාපති අංශවලට බලපෑම් කර තිබේ.

ඒ අනුව තානාපති අංශ එජපයේ සහ ශ්‍රීලනිපයේ ප්‍රබලයන් හමුවී උද්ගතව ඇති දේශපාලන මත ගැටුම සමථයකට පත්කරගැනීමට කටයුතු කරන්නැයි දන්වා ඇති බවද ආරංචිමාර්ග කියා සිටී.

Related posts

බෙදුම්වාදී රැළියට රාජ්‍ය දේපළ අවභාවිතා කරලා.. FCIDය විග්නේෂ්වරන් කුදලාගෙන විත් හිරේ දමයි !

colombotoday

එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කර ගැනීමට දෙමළ නායකයන් කටයුතු කළ යුතුයි – සංහිදියා ඇමති

colombotoday

18ට අඩු දැරියන් විවාහ කරගන්න ඕනෑමයි. උලමා සභාව යලි අවධාරණය කරයි.

colombotoday

අස්වැසුම අහිමිවූවන්ගේ විරෝධතා හා අභියාචනා භාර ගැනීමට අද සිට විශේෂ කවුළු

Admin

“ත්‍රස්ත මර්ධන පනත දැනටමත් අහෝසියි“ – රජය ජිනීවා සමුළුවට දන්වයි

colombotoday

බැදුම්කර කොල්ලයට නොදෙවෙනි හොරකමක් – විජයදාස හෙළිකරයි

colombotoday