Colombo Today Local News

“ත්‍රස්ත මර්ධන පනත දැනටමත් අහෝසියි“ – රජය ජිනීවා සමුළුවට දන්වයි

ත්‍රස්‌ත මර්දන පනත තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා රජය ඊයේ (3 දා) ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත දැනුම්දී ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ සඳහා උපදෙස්‌ දුන් බව සංහිඳියා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මනෝ තිත්තවැල්ල මහතා ජිනීවාහිදී ප්‍රකාශ කර තිබේ.

ත්‍රස්‌ත මර්දන පනත තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැහැ යෑයි මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක පැවති මාධ්‍ය හා ඊළාම් ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් හමුවේ ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මෑතකදී ත්‍රස්‌ත මර්දන පනත යටතේ දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් පසුව ඔවුන්ට සාමාන්‍ය නීතිය යටතේ නඩු පැවරූ බවත් හෙතෙම කීවේය. ත්‍රස්‌ත මර්දන පනත 1978 දී සම්මත වූ අතර එය 1982 දී ස්‌ථිර පනතක්‌ ලෙස ක්‍රියාත්මක වී ඇත.

මෙම පනත යටතේ සැකකරුවකු මාස 18 ක්‌ රඳවා ගත හැකිය. නව ත්‍රස්‌ත මර්දන පනත ළඟදීම කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කෙරෙන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ත්‍රස්‌ත මර්දන පනත යටතේ හිටපු කොටි ක්‍රියාකාරීන් 130 දෙනකු හා සිංහල සැකකරුවන් 10 දෙනකු හා බුද්ධි අංශ නිලධාරීන් 8 දෙනකු රඳවාගෙන ඇත.

Related posts

මිළ කල නොහැකි ශ්‍රී ලංකාවේ පුරා වස්තු තොගයක් ඇමරිකාව හොරෙන් උස්සලා !

colombotoday

විල්පත්තුව ගැන කතා කරන්නේ ජාතිවාදය ඇතිකිරීමේ කුමන්ත්‍රණයක් නිසායි – ඇමති රිෂාඩ් බදුර්දීන් කියයි

colombotoday

මිල උස්සන්න Global Trading And Company සඟවා තැබූ සීනි ටොන් 4800 ක් සීල් තබයි

colombotoday

ගෑස් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

කලබල මැද අතුරුදන් වූවන් පිළිබද පනත සම්මතයි.. පක්ෂව 53යි.. විපක්ෂව 16යි

colombotoday

බුදු හාමුදුරුවෝ ගංජා දුමාරය ආස්වාස ප්‍රාස්වාස කරා – හිටපු ජෙවිපේ අපේක්ෂකයෙක් බුදුන්ට අපහාස කරයි

colombotoday