Colombo Today Local News

එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කර ගැනීමට දෙමළ නායකයන් කටයුතු කළ යුතුයි – සංහිදියා ඇමති

එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව විවිධ ප්‍රකාශ සිදු නොකොට එම සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට දෙමළ නායකයන් කටයුතු කළ යුතු බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පැවැසීය.

පසුගියදා කොළඹ ටවර් රඟහලේදී පැවැති කලා උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
එහිදී මනෝ ගනේෂන් මහතා මෙසේද පැවැසීය.

කොටි සංවිධානය නැවතත් පැමිණිය යුතු යැයි හිටපු ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ව්‍යංගයෙන් කළ ප්‍රකාශයක් නිසා මේ වනවිට ප්‍රශ්නයක මැදිව සිටී. එහෙත් ඕනෑම අයකුට අධිකරණයට ගොස් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා නඩුවක් ගොනු කිරීමේ හැකියාව තිබේ. තර්ක ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා හැමෝටම අයිතියක් ඇත.

අධිකරණයට ගොස් නීතියේ ආරක්‍ෂාව යටතේ සිටින බැවින් හිටපු කොටි සාමාජිකයන් වර්තමානයේ අරගලකරුවන් නොවන බවත් ලංකාවේ ජීවත් වන 12,000ක් පමණ වන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් උසස් කොට පෙන්වා දී ඔවුන් අද ජනතා විමුක්ති පෙරමුණ අරගලකරුවන් මෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිස තිබෙන බවටත් කවරකුට හෝ තර්ක ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ. මෙය ලංකාවේ පවතින ජාතික ගැටලුවට විසඳුමක් ලබා ගැනීම ප්‍රමාදයට හේතුවක් වන අතරම බාධාවක්ද වී ඇත.

සත්‍ය වශයෙන්ම කොටි සංවිධානය පිළිබඳව ජනතාව ඉදිරියේ කතා කිරීමට අහිංසක ගැහැනියක වූ විජයකලා මන්ත්‍රිවරියට තිබුණු ධෛර්යය නීතිඥයකු වන දෙමළ ජාතික සන්ධානයේ නායකයාට නොතිබෙන්නේ දැයි සිතෙයි. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් උසස් කොට කතා කළහොත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙන් ඉදිරියට යනු ඇතැයි යන බියෙන් යමකු පසුවනවාද යන්න මා හට මේ වන තෙක් නොතේරුණු අබිරහසක්ව තිබේ.

කොටි යන නාමය තවමත් සිංහල ජනතාවට බිය සැක ඇති කරවයි. එයම ජාතික ගැටලුවට විසඳුමක් ලබා ගැනීමේදී ඔවුන් එකඟ කරවා ගැනීමට ඇති බාධකය වී ඇත. මේ නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ මතය වෙනස් කිරීමට දේශපාලන නායකයන් ඉදිරිපත් විය යුතුය.

වර්තමානයේදී හිටපු කොටි සාමාජිකයන් සන්නද්ධ අරගලකරුවන් නොවන බවට අධිකරණ ඉදිරියේ පෙන්විය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ මෙන් එවක දෙමළ තරුණ තරුණියන් ආයුධ අතට ගත් හේතුව තර්කානුකූලව අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි විශේෂ විමර්ශන නඩුව හා සමානව මෙම නඩුවක් පවත්වාගෙන යා යුතුයි. එම නඩුවේදී චෙල්වනායගම්, ජී.ජී. පොන්නම්බලම්, තිරුචෙල්වම් යන්නන් ඉදිරිපත් කළ තර්ක සේම වර්තමානයේ සිටින නීතිවේදී දෙමළ නායකයන්ද තම තර්ක ඉදිරිපත් කළ යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයත් මෙරට ක්‍රියාත්මක වූ දේශපාලන සංවිධානයකි. මෙම සංවිධාන දෙකම විසින් එවක ආණ්ඩුවට එරෙහිව ආයුධ අතට ගනු ලැබීය. සංවිධාන දෙකම තහනම් කෙරිණි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ තහනම ඉවත් වුණා. ඔවුන් අද පාර්ලිමේන්තුවට ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අපට පාඩම් උගන්වනවා.

යළි කොටි සංවිධානයට බද්ධව ක්‍රියා කළ මේ පිරිස ආයුධ අතට ගැනීම, සත්‍යයක්ද? අසත්‍යයක්ද යන්න පිළිබඳ දැනගත හැක්කේ මෙසේ පුනරුත්ථාපන වූ 12,000කට ආසන්න පිරිසගෙනුත්. ආබාධිතවත් සිටින පිරිසගෙනුත් ඉතා දුෂ්කර පීඩිත ජීවිතයක් ගත කරනු ලබන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙනුත්ය.

අපි තමයි එල්.ටී.ටී.ඊ. යැයි කියමින් විදෙස් රටවල සිටින ඇතැම් කණ්ඩායම්වලට වඩා එහි සත්‍ය අසත්‍ය ප්‍රකාශ කිරීමේ සම්පූර්ණ අයිතිය ඇත්තේ මෙම හිටපු කොටි සාමාජිකයන්ට පමණය. එබැවින් දහස් ගණනක් වූ මොවුන්ගේ කටඋත්තර ඔවුන්ගේ නීතිවේදී නායකයන්ට අධිකරණය හමුවේ ඉදිරිපත් කළ හැකි නොවේද?

දෙමළ තරුණ තරුණියන් ආයුධ අතට ගත්තේ ඔවුන්ට තිබුණු මානසික ලෙඩක් නිසා නොවෙයි. එයට හේතුව හමුදාවේ අන්තවාදී පීඩන ක්‍රියා කලාපයයි. මෙය ඓතිහාසික ඇත්තකි.

අද මම ඇමැති කෙනෙක් නොවුණේ නම් එල්ටීටීඊය වෙනුවෙන් කතා කරනවා. මම කාඩ්බෝඩ් වීරයෙක් නොවෙයි. ඇතැම් කටයුතු මම බොහෝ දුෂ්කර කාලවලදී සිදුකර ඇත්තෙමි. එය ජනතාව දන්නවා. අද මා හට පැවැරී ඇති කාර්යය අනුව මෙම ක්‍රියාව මා විසින් සිදු කිරීම උචිත නොවෙයි. එවැනි ක්‍රියාවක් සිදු කිරීමට නම් මා පළමුව මෙම කටයුතුවලින් ඉවත් විය යුතුයි. එසේ වුවහොත් අද මා විසින් සිදු කරනු ලබන සියලු ක්‍රියා කඩාකප්පල් වනු ඇත.

Related posts

ඇති තරම් තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයට සැප වාහන 7ක් ගනී.. වියදම නම කෝටිය පනී

colombotoday

හෙට සහ අනිද්දා කොළඹ විරෝධතා වැළක්වීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

රිෂාඩ්ගේ නිවසේදී පිළිස්සි මිය ගිය ඉෂාලිනිගේ දේහය යළි ඥාතීන් වෙත

colombotoday

කොවිඩ් ආසාදිතයින් පස් දෙනෙකු හදුනා ගැනේ

colombotoday

හෙට සිට ලබන 30 වැනිදා දක්වා නව මාර්ගෝපදේශ

colombotoday

රුසියාවේ ඉන්ධන ප්‍රතික්ෂේප කල නිසා ජුනි 10 තෙක් ගුවන්යානා වලට ඉන්ධන නෑ

colombotoday