Colombo Today Local News

ඇති තරම් තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයට සැප වාහන 7ක් ගනී.. වියදම නම කෝටිය පනී

22323fdfඅවශ්‍ය තරම් වාහන තිබියදීත් වසර පහකට රුපියල් නව කෝටි හතළිස්‌ පන්ලක්‍ෂයක බදු පදනම මත අති සුඛෝපභෝගී වාහන හතක්‌ කුලියට ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතා සහ අතිරේක ලේකම්වරුන් හයදෙනා සඳහා මෙම වාහන කුලියට ගැනෙන අතර ලේකම්වරයාගේ වාහනය සඳහා පමණක්‌ වසරක කුලිය රුපියල් පනස්‌ ලක්‍ෂ හැත්තෑහය දහස ඉක්‌මවයි. එතරම් අධික කුලියකට ගැනෙන්නේ අති නවීන බී.එම්.ඩබ්ලිව්. රථයකි.

අමාත්‍යාංශ ලේකම්වරයකුට වාහනයක්‌ බදු කුලියකට ලබාගත හැකි උපරිම මුදල මෙම වාහනය වෙනුවෙන් වැය කෙරේ. හිටපු ලේකම් ඩබ්ලිව්. එම්. බන්දුසේන මහතා විසින් පාවිච්චි කරන ලද නිල රථය තිබියදී මෙම නව රිය ලබා ගැනීමට තීරණය කිරීම විශේෂත්වයකි.

මීට අමතරව අතිරේක ලේකම් තනතුරු හය සඳහා ගැනීමට නියමිත වාහන වෙනුවෙන් වසරක කුලිය රුපියල් එක්‌කෝටි තිස්‌අට ලක්‍ෂයකි. ලේකම්වරයා ඇතුළු හත් දෙනාට මෙම වාහන කුලියට ගැනෙන්නේ වසර පහක කාලයක්‌ වෙනුවෙනි. එම කාලය සඳහා වාහන කුලියට ගන්නා පෞද්ගලික ආයතනවලට අමාත්‍යාංශය ගෙවිය යුතු මුදල රුපියල් නවකෝටි හතලිස්‌ පන්ලක්‍ෂයකි. එතරම් මුදලක්‌ ගෙවීමෙන් පසුවද කිසිදු වාහනයක්‌ අමාත්‍යාංශයට හිමි නොවේ.

මෙලෙස වාහන කුලියට ගැනෙන්නේ මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය ප්‍රකාරව යෑයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

කෙසේ වුවද නව වාහන කුලියට ගත හැක්‌කේ අදාළ නිලධාරීන් පාවිච්චි කරන වාහන දසවසරක්‌ ඉක්‌මවා ඇත්නම් පමණක්‌ වන අතර දැනට අමාත්‍යාංශයේ ඉහත නිලධාරීන් පාවිච්චි කරන වාහන අතරින් දස වසර ඉක්‌මවා ඇත්තේ එක්‌ වාහනයක්‌ පමණි.

දිවයින

Related posts

බන්ධනාගාරයේ රැඳවියන්ට ජංගම දුරකථන ලබාදෙන්න ගිය බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

තිරිඟු පිටි මුවාවෙන් ආනයනය කල කහකුඩු තොගයක් රේගු භාරයට

colombotoday

නාවික නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්…

colombotoday

කහ කිලෝ 1,559 ක් ප්‍රවාහනය කරමින් සිටියදි STF වටලයි.

colombotoday

“සුද්දගෙ නීතිය අපට එපා“ කියා ඥාණසාර හිමි අධිකරණයේදී අභියෝග කළා“ – මහේස්ත්‍රාත් සාක්කි දෙයි

colombotoday

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය සොහොයුරා අද උසාවියට

colombotoday