Colombo Today Local News

ඉන්ධන ගන්නා ආ තවත් දෙදෙනෙක් මිය යයි… එක් අයෙක් දින දෙකක් පෝළිමේ ඉදලා

දංකොටුවේ ඉන්ධන පිරවුම්හලක් අසල සහ වෙන්නප්පුවේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබාගැනීමට පැමිණි දෙදෙනකු හදිසියේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

දංකොටුව මීගමුව ප්‍රධාන මාර්ගයට සම්බන්ධවන ස්ථානයේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසල දින දෙකක් තිස්සේ රැඳී සිටි ඇඟළුම්කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක රියැදුරුකු හදිසියේ අසනීපව ඊයේ (9)දින මියගොස් ඇතැයි ද ඔහු දින දෙකක් තිස්සේ එම ස්ථානයේ රැඳී සිට ඇතැයි ද පොලිසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නැමැති පුද්ගලයෙකි.

දංකොටුව මාර්ගයේ තඹරවිල ඉන්ධන පිරවුම්හල අසල දී ද ඉන්ධන ලබාගැනීමට ආ 50 හැවිරිදි මුහම්මදු සරීෆ්දීන් නමැති පුද්ගලයකු මියගොස් ඇත.

ඔහු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව සිය මෝටර් රථයට හුළං ගසා ගැනීමට ගිය අවස්ථාවේ හදිසියේ අසනීපව මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

Related posts

කළුබෝවිල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් බඩුත් සමඟ මාට්ටු

colombotoday

“ඉට්කා එපා” කියූ වෛද්‍ය පාදෙණියට එරෙහිව එජාප පාක්ෂිකයෝ පාදෙණියේදී පාර වසා උද්ඝෝෂණයේ

colombotoday

අලුත් ව්‍යවස්ථාවට මහජන උනන්දුව අන්තිමයිලු !

colombotoday

මාස 4ක් තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ චලන 9ක්

Admin

දෙමළ ජනතාවටත් ස්වයං තීරණ අයිතියට දේශපාලන බලයක් ඕනා

colombotoday

අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

Admin