Colombo Today Local News

දෙමළ ජනතාවටත් ස්වයං තීරණ අයිතියට දේශපාලන බලයක් ඕනා

දෙමළ ජනතාව ගෞරවයෙන්, සාමානාත්මතාවයෙන් හා නීතියේ ආරක්ෂාව සහිතව ජීවත්වීමට නම් ඔවුන් අතේ දේශපාලන බලය තිබිය යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම වෙනුවෙන් වු විශේෂඥ කමිටුව වෙත සිය පක්ෂයේ යෝජනා ලබාදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“අපගේ ස්වයං තීරණ අයිතියට ගරු කළ යුතුයි. මේ රටේ දෙමළ ජනතාව ගෞවරයෙන් සමානාත්මතාවයෙන් නීතියේ සුරක්ෂිතභාවය සහිතව ජීවත්වීමට නම් ඔවුන්ට දේශපාලනමය අයිතියක් ඔවුන්ට තිබිය යුතුය. මෙය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බව අප අවධාරණය කර සිටියා.

මෙම ගැටලුව වසර ගණනාවක කාලයක් නොවිසදී පවතිනවා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වු පසුවත් මේ ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් විවිධ උත්සහායන් ගනු ලැබුවා.

එබැවින් දෙමළ ජනතාවට අර්ථාන්විත බලය බෙදා හැරීමක් අවශ්‍ය බව එම කමිටුව හමුවේ වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවා. එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුත්ත වෙනුවෙන් අපගේ සහයෝගය අඛණ්ඩව ලබාදෙන බව පැවසුවා.” යැයිද සම්බන්දන් මහතා පැවසීය.

මෙහිදි මාධ්‍යවේදීන් අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරය හා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනු එමට නියමිත බව පැවසෙන නව යෝජනාව පිළිබදව සුමන්තිරන් මහතාගෙන් කළ විමසීමට හෙතම මෙසේ කීවේය.

“බි්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් එම යෝජනාව මොන වගේ එක්කද කියල තවම අපි දන්නේ නැහැ. එහෙත් ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය හා සංහිදියාව සම්බන්ධයෙන් මෙම නව යෝජනාව ඉදිරිපත් වෙන බව කියවෙන්නේ. නමුත් එය බලා ජාත්‍යන්තර මටට්මේ යෝජනාවක් සම්මත විය යුතුය යන මතයේ අපි සිටිනවා.”

Related posts

බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වා ගැනීමට වන්නියේ පන්සල් පුරා ඇවිදිති

colombotoday

ලක්ෂ ගණන් මුදල්වලට ප්‍රභූන්ට උස්බකිස්තාන් තරුණියන් විකිනූ කරුණා අම්මාන්.

colombotoday

අයවැය තෙවැනි වර කියවීමේ විවාදය ඇරඹේ

Admin

පාරවල්, කඩ සාප්පු වසා දැමේ… යාපනේ ශෝක ගී වයයි… උතුර පුරා මියගිය අය සමරයි (Video)

colombotoday

ලාංකික නාවිකයන් 9ක් ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයේ

colombotoday

පොලිසිට බෝම්බයක් ගැසූ සැකකරුවෙක් වෙඩි පහරින් මරුට

Admin