Colombo Today Local News

තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත් වීමක්. | පාස්කු කොමිෂන් නිර්දේශ විකුර්තියක්. | ජාතික සංවිධාන චුදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක්.

පාස්කු කොමිෂන් නිර්දේශ විකුර්තියක් බව නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි සඳහන් කර සිටිනවා.

රට තුල දළුලා වැඩමෙන් තිබූ මුස්ලිම් අන්තවාදය පිළිබඳව රටට හෙළිදරව් කල ජාතික සංවිධාන චුදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව ඒ හිමියෝ අද (21) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව සකසන අවස්ථාවේදී කොමිසමේ සියලුම සාමාජිකයින් සහභාගී වුනාද කියන සැකය මතුව තිබෙන බවත් කවුරුන් හෝ දෙතුන් දෙනෙකුගේ දේශපාලන උවමනාවට කොමිෂන් සභාවේ නිර්දේශ සකස් කර තිබෙනවානම් එය බරපතල තත්වයක් බවත් සුදත්ත හිමියෝ පැවසීය.

ඉස්ලාම් අන්තවාදීන්ගේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලනවා වෙනුවට මෙරට ජාතික සංවිධාන මර්ධනය කිරීමට උත්සහ ගන්නවානම් එයට එරෙහිව පුළුල් ජනමතයක් ගොඩ නගන බවත් උන්වහන්සේ සඳහන් කරන ලදි.

“පාස්කු කොමිෂන් සභාවේ අවසාන වාර්තාව සකස් කිරීමේදී විනිසුරුවරුන් පස් දෙනාගේ ඒකමතික තීන්දුවක් මත සකස් කලාද?” සහ
“එක් විනිසුරුවෙකුගේ උවමනාවට අනෙක් විනිසුරුවරුන්ගේ හඬ යටපත් කලාද?” යන ප්‍රශ්න මේ වන විට මතුව ඇති බවත් පාස්කු කොමිසමේ අවසාන වාර්තාව සකස් කිරීමේදී තක්කඩි දේශපාලකයෙකුගේ උවමනාවට නිර්දේශ වෙනස් කලාදැයි සැකයක් මතුව ඇති බවත් අවධාරණය කර සිටි සුදත්ත හිමියෝ පාස්කු වින්දිතයන්ට යුක්තිය සාධාරණත්වය ඉටුවිය යුතු බවත් එය බෝම්බ ගහපු පුද්ගලයින්ට විරුද්ධව මිසක් අන්තවාදී ක්‍රියා පිළිබඳව හෙලිකල ජාතික සංවිධානවලට විරුද්ධව නොවන බවත් සඳහන් කර සිටියා.

තක්කඩි දේශපාලනය තුලින් ජාතික සංවිධාන නිහඩ කරන්න හදනවානම් එයට එරෙහිව ජනතාව පෙළගස්වන බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට හේතුව තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත් වීමෙන් ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ විකුර්ති කිරීම විය හැකි බවත් සඳහන් කර සිටි උන්වහන්සේ එම කමිටුව සඳහා බුද්ධිමත් මන්ත්‍රීවරු පත්කිරීමේ කාදිනල්වරයාගේ ඉල්ලීම සාධාරණ බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Related posts

ගාල්ල වැලිගම වසම් කිහිපයක සංචරණ සීමා ලිහිල් කෙරේ

colombotoday

නැවත මී උණ රෝගය හිස එසවීමේ අවදානමක්

colombotoday

රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව: නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් 3ක් නිදොස් කොට නිදහස්

Admin

සිරකරුවන් 260කට විශේෂ රාජ්‍ය සමාව | ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූ රැදවියන් 53කුත් ඒ අතර

colombotoday

පාසැල් සිසුන් ගැන අවධානයෙන් සිටින්න : මත්ද්‍රව්‍යට ඇබ්බැහි කරවන උපකරණයක් ගැන පොලිසිය දැනුම් දෙයි

colombotoday

“අවුරුදු දෙක ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි“ – ඩිලාන්

colombotoday