Colombo Today Local News

ශ‍්‍රීලනිප 21ක් ආණ්ඩුවට එනවා, අලුත් ව්‍යවස්ථාව පෙබරවාරි 04ට පෙර ගේනවා, මහින්ද දේශපාලනයෙන් සමුගැනිම කාලෝචිතයි…

මධ්‍යම රජයෙන් සහ ආණ්ඩුකාරවරයාගේ බලපෑම්වලින් තොර බලයක් පළාත්සභාවලට ලබා ගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් ගෙන එම තම අරමුණ බවත් එහි කෙටුම්පත එළඹෙන පෙබරවාරි 04 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයත් දෙමළ ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් එක්ව සකස් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට එනු ඇති බවට බලාපොරොත්තු වන බවයි. පළාත් දෙකක් එකඟ නම් ජනමත විචාරණයකින් කැමැත්ත විමසා එක්විය හැකි බව නව ව්‍යවස්තා කෙටුම්පතේ ඇතුලත් කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 21 දෙනෙකු පමණ ආණ්ඩුවට එක්වන බවට සහතික කර ඇති බවත් ඔවුන් එක් වුවහොත් නව ව්‍යවස්ථාව සම්මත කිරීමට 150ක බහුතර බලයක් ලැබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.තවද මහින්ද රාජපක්ශ මහතා ගේ මන්ත්‍රිධුරය අහෝසි වීමත් සමග ඹහු දේශපාලනයෙන් සමුගැනිම කාලෝචිත බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසිය.

Related posts

“කොළඹ කුණු රහසිගත තැනකට.. කාටවත් කියන්න බෑ“ – කොළඹ නගර සභාව

colombotoday

මං නිධන් කැඩුවානම් මට හෙන ගහපං… ඇමති සජිත් තමන්ටම සාප කරගනී…

colombotoday

අසාත්මිකතා නිසා රෝගීන් මියයාමේ පරීක්ෂණ වාර්තාව සති 3 කින්..

Admin

කසක්ස්තාන තෙවන සංචාරකයින් කණ්ඩායම දිවයිනට

colombotoday

කොරෝනා එන්නත් එක් මාත්‍රාවකින් ආරක්ෂා වෙන්න පුළුවන් දින 90යි

colombotoday

ජනපති,අගමැති,කතානායක සාකච්ඡාවේ තීන්දු මෙන්න

colombotoday