Colombo Today Local NewsNew Constitution

“අගමැති කියන්නෙ බොරු.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමට අපි කිසිසේත්ම එකග නෑ” – සුමන්තිරන්

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය, රාජ්‍ය රැකවරණය ලබා දීම කිසිසේත්ම පිළිනොගන්නා බවත් ඒ තුළින් සෙසු ආගම් දෙවෙනි පන්තියට වැටෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව පාර්ලිමේන්තු විවාදයට අවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි වන ව්‍යවස්ථාවකට දෙමළ ජාතික සන්ධානය එකඟ වූයේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයෙන් කර ඇති ප්‍රකාශය අසත්‍ය බවද ඔහු සඳහන් කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ පැහැදීමක් අතත් බුද්ධාගමට හෝ වෙනත් කවර ආගමකට හෝ ප්‍රමුඛස්ථානය ලබා දීමට එකඟ නොවන බව ද ඔහු සඳහන් කළේය.

මන්ත‍්‍රිවරයා බව කියා සිටියේ වවුනියාවේ හෝටලයේදී පැවති ජාත්‍යන්තර මානව හිමිකම් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

Related posts

රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

colombotoday

බදියුදීන් සතොසින් මහජන මුදල් බිලියන ගණන් හොරකම් කලා. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා.

colombotoday

මහජන ආරක්ෂාව උදෙසා අති විශේෂ ගැසට් නිවේදනයක්… ත්‍රිවිධ හමුදාවට විශේෂ රාජකාරියක් !

colombotoday

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත්කර ඇති බව ඔහුගේ පුවත්පත වාර්තා කර සිටියි.

colombotoday

බ්‍රිතාන්‍ය යේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා !

colombotoday

බිලියනයක වත්කම් රාජ් රාජරත්නම්ට යළි දෙනවාට කොටි බෝම්බවලට ගොදුරුවූවන්ගේ ඥාතීන්ගේ විරෝධය

colombotoday