Colombo Today Local News

බිලියනයක වත්කම් රාජ් රාජරත්නම්ට යළි දෙනවාට කොටි බෝම්බවලට ගොදුරුවූවන්ගේ ඥාතීන්ගේ විරෝධය

කොටි සංවිධානයට අරමුදල් සැපයූ ඇමරිකාවේ කෝටිපති ව්‍යාපාරික රාඡ් රාජරත්නම් සතු රුපියල් බිලියනයක ශ්‍රී ලාංකික වත්කම් ඔහුට ආපසු නොදෙන ලෙස කොටි බෝම්බවලට ගොදුරු වූවන්ගේ ඥතීන් 26 දෙනකු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

මෙම ඥතීන් පිරිස රාඡ් රාජරත්නම්ට එරෙහිව ඇමරිකාවේ නිව්ජර්සි අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනුකර ඇත.

වැලිවේරියේදී මරාගෙන මැරෙන කළු කොටි බෝම්බකරුවකුට ගොදුරු වූ “මැරතන් කරුගේ” බිරියද එකී නඩුවේ පැමිණිලිකාරියකි.

රාඡ් රාජරත්නම්ගෙන් ඩොලර් කෝටි 100 ක වන්දියක්‌ ඉල්ලා එම නඩුව පවරා තිබේ.

රාඡ් රාජරත්නම්ගේ වත්කම් සොයාබැලීම සඳහා එම නඩුවේ නීතිවේදී මයිකල් එල්ස්‌ගර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ විමර්ශනයක්‌ සිදුකර ඇත.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

“බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කරන්නැ..”

Admin

පාර්ලිමේන්තුව දැඩි අනතුරක.. පාර්ලිමේන්තු නිලධාරීන් අතර තවත් ත‍්‍රස්තවාදීන් 04 දෙනෙක්..

colombotoday

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් 9ක් සේවය හැ‍ර යයි

Admin

නිවසක් තුල තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3 ක් සමග පුපුරණදුව්‍ය හා කලුකොටි සමරණ කොඩියක් අත්අඩංගුවට

colombotoday

උපවාසය සාර්ථකයි.. විමල්ට ඇප ලැබෙයි

colombotoday

කොටි මෝම්බ 20ක් වාකනේරියෙන් හමු වෙයි

Admin