Colombo Today Local News

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් 9ක් සේවය හැ‍ර යයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් නවදෙනකු සේවය හැරගොස් ඇතැයි වාර්තා වේ.

මේ අතර වෛද්‍යවරුන් හය දෙනකු වසර දෙකේ සහ වසර පහේ නිවාඩු ලබා ගොස් ඇතැයි ද, ආරංචි මාර්ග පවසයි.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවු දෙනකු රට හැර යෑම නිසා එම ඒකකය පසුගියදා වසා දැමූ අතර, ප්‍රතිකාර ලැබූ ළමා රෝගීන් වෙනත් වාට්ටුවලට මාරු කළේය.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ද අහිමි විය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ දුලාන් සමරවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් ගිය බව දන්නා බවත්, තවත් වෛද්‍යවරුන් පිරිසක් පිටව ගොස් ඇති නමුත් ගණන කොපමණද යන්න කිව නොහැකි බවත්ය.

මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයේ 63 වාට්ටුවේ පැන නැගී ඇති වෛද්‍ය හිඟය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් දැනුවත්ව සිටින බවත්, එම ගැටලුවලට තවම විසඳුමක් නැති බවත් ඔහු කීය.

ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනකු නිවාඩු ලබා විදේශගත වීම කවදත් සිදුවන දෙයක් බව කී අධ්‍යක්‍ෂවරයා එය රාජකාරි ස්වභාවයක් බවද පැවසීය.

සේවය අතහැර විදෙස්ගත වූ වෛද්‍යවරුන් වෙනුවෙන් කිහිපදෙනකු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් යොමු කර ඇති බවත් මෙලෙස වෛද්‍යවරුන් විදෙස්ගත වීම නිසා රෝගීන්ට විශාල බලපෑමක් එල්ල වී නැති බවත් ඔහු සඳහන් කළේය.

Related posts

අපේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුලුවන් ජනතාව වෙනස් වුනොත් විතරයි

Admin

“සමලිංගික අයිතිවාසිකම් නව ව්‍යවස්ථාවට අැතුළත් කළ යුතුයි“ – ජවිපෙත් සමලිංගික සටනේ

colombotoday

ගව හොකමේ ගිය අයෙක් වෙඩි කා මරුට – තවත් අයෙක් රෝහලේ

Admin

ජනපතිගේ තීරණයට එජා. මහලේකම්ගෙන් පැසසුම්.. ඇමරිකානු තානාපතිටත් සතුටුයි !

colombotoday

හඬ අනුව පාර්ලිමේන්තුවේ තීරණ නොගන්න – විමල් මුල් දවසේම අලුත් කතානායකට දන්වයි

colombotoday

වගකීම් දැරීමට නොහැකි අය රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. – අගරදගුරු තුමාගෙන් ප්‍රකාශයක්

colombotoday