Colombo Today Local News

රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතී

රට ලබන පළමු වැනිදා අලුයම හතරට විවෘත කිරීමට හැකි වන පරිදි සියලු කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස්දී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අනුව රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතින බවද හෙතෙම සඳහන් කරයි.

සෞඛ්‍යය, පොදු ප්‍රවාහන, කෘෂිකර්මය, රාජ්‍ය සේවය, පෞද්ගලික සේවය යනාදි අංශ ඉලක්ක කර මෙම සැලසුම් සකස් කෙරෙන බවත් එම සැලසුම් ඉදිරියේදී ජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධ කෙරෙනු ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එසේම ජනතාවට අවශ්‍ය කෙරෙන දැනුවත් කිරීම් කරන ලෙස සියලු අමාත්‍යංශවලට උපදෙස්දී ඇතැයිද යුද හමුදාපතිවරයා කියයි.

රට විවෘත කළ පසු ජනතාවට සැලකිය යුතු කාලයක් සෞඛ්‍ය නීති අනුගමනය කරමින් කටයුතු කිරීමට සිදුවනු ඇති බවත් එසේ කටයුතු නොකළහොත් යළි බරපතළ ගැටලු ඇතිවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

පොල් වලට උපරිම මිලක්

colombotoday

CPC ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

ජනපති රනිල් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක

Admin

කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

colombotoday

“අගමැතිට ඕන විදිට ETCA අත්සන් කරන්න දෙන්නෑ“ – ශ්‍රීලනිපය නිළ විරෝධය දක්වයි

colombotoday