Colombo Today Local News

ජල සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක – කාර්යාල සේවා හා පාරිභෝගික සේවා කිසිවක් නැහැ.

ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් අප්‍රේල් 04 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙමින් සිටී.

ඒ වෛද්‍ය නිවාඩු නොලබා රාජකාරී කටයුතුවල නිරත වූ දිනවලට අදාළ ගෙවීම් සිදුකරන ලෙස ඉල්ලමිනි.

ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සදහන් කරන්නේ, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල සේවා හා පාරිභෝගික සේවා කිසිවක් ඉටු නොවන බවය.

මේ අතර ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ද මෙහි වගකීම පාලකයින් භාරගත යුතු බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

“අපි අප්‍රේල් 4 වෙනිදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදිලා ඉන්නවා. කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා කිසිවක් ඉටුවෙන්නේ නෑ. ජනතාවට සිදුවන අපහසුතාවයන් සලකා අපි පොම්පාගාරවල කටයුතු විතරක් පවත්වාගෙන යනවා. හැබැයි නඩත්තු, අලුත් වැඩියාවන් සිද්ධවෙන්නේ නෑ. ඒ අනුව යම් යම් ස්ථානවල ජල සැපයුම අඬාල වීමේ අවධානමක් තිබෙනවා. අපි කියා සිටින්නේ, අපේ මේ යුක්ති සහගත නීත්‍යානූකූල ඉල්ලීම, වැඩකරපු දවස්වලට වෛද්‍ය නිවාඩු නොලබා වැඩකරපු දිනවලට ශ්‍රමය ලබාදීපු දිනවලට අදාළ ගෙවීම් කරන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ.”

Related posts

අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනපතිගේ උපදෙස් මත යළි අහෝසියි

colombotoday

මාතෘ භූමියේ සැමට සුබ නව වසරක් වේවා!

colombotoday

විජේදාස රාජපක්‍ෂ විදේශ ඇමතිකම එපා කියයි…

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවන් නිදහස් වී යාම කනගාටුදායක තත්ත්වයක් – මහාධිකරණ විනිසුරු

colombotoday

JVP කැසිනෝ ගසති? – කැසිනෝ ගනුදෙනු පිලිබදව ජවිපෙට එල්ලවුණු චෝදනාවලට පිළිතුරු නෑ…!!

colombotoday

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ලංකාවට පැමිණේ

Admin