Colombo Today Local News

ලේකම්ගේ සාක්ෂියෙන් සියල්ල හෙළි වේ.. අර්ජුන්ගේ නීතීඥයෝ කොමිසමෙන් පැන යයි !

සිය බෑනාගේ සමාගමට රුපියල් කෝටි ගණනක සල්ලි ඉල්ලමක් පාදා දෙමින් සිදුකර ඇතැයි කියන ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය අර්ජුන් මහේන්ද්‍රන් විසින් පවත්වා ඇත්තේ රජයේ මුදල් අවශ්‍යතාවක් සඳහා නොවන බව මහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශයකින් කොමිසම හමුවේ අනාවරණය වීමත් සමඟම බැඳුම්කර කොමිසම ඉදිරියේ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු ඊයේ (17දා) බලවත් අපහසුතාවට පත් වූහ.

ඔවුන් කෙතරම් බරපතළ අපහසුතාවකට පත්වූයේද යත් එම ප්‍රකාශය සිදුකරමින් කොමිසම හමුවේ සාක්ෂි දුන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් සජිත් ආටිගල මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට ලබාදුන් අවසර දෙකක්ම මඟහැර යෑමටද ඔවුන්ට සිදුවිය.

එනම් පැය දෙකකටත් අඩු කාලයක් තුළ තම කෙටි සාක්ෂිය ලබාදුන් එම සාක්ෂිකරුගේ ප්‍රකාශය ඇතුළත් දිවුරුම් ප්‍රකාශයේ පිටපතක් ජනාධිපති නීතිඥ චානක ද සිල්වා මහතාට කොමිසම විසින් ලබාදුන් අවස්ථාවේදී එම ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක් බැවින් එය හැදෑරීමට පැයක වත් කාලයක් අවශ්‍ය බව කියා සිටියේය.

ඒ අනුව ඔහුට ඒ සඳහා කාලය ලබා දෙමින් සාක්ෂි විභාගය පැයක කාලයක් සඳහා කල් තබමින් යළි පස්වරු 1ට කොමිසම රැස්විය.
ප්‍රශ්න ඇසීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන්ගේ නීතිඥවරයාට යළි අවස්ථාව ලබා දුන්නද ඔහු එවිට ප්‍රකාශ කර සිටියේ තවත් පැය කිහිපයක කාලයක් එම ප්‍රකාශය හැදෑරීම සඳහා අවශ්‍ය බවය.

එම ඉල්ලීමට අනුව අර්ජුන් මහේන්ද්‍රන්ගේ නීතිඥවරයාට තවදුරටත් කාලය ලබාදුන් කොමිසම සාක්ෂි විභාගය යළි අත්හිටුවමින් පසුදින එනම් අද (18දා) උදේ 10ට රැස් කිරීමටත් එවිට හරස් ප්‍රශ්න ඇසීමටත් නියම කළේය.

මව්බිම

Related posts

රථවාහන අවම දඩය 2500යි.. අයවැයේ තීරණය වෙනසක් නෑ.. බස් හිමි විරෝධය අසාධාරණයි

colombotoday

ඌව නව ආණ්ඩුකාර වැඩ බාරගනී

colombotoday

කොවිඩ් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංකයක්

colombotoday

පෙළ පොත් සඳහා පණිවිඩය එක් කිරීමෙන් අමතර වියදමක් නෑ

colombotoday

මත්තල ගුවන්තොටුපළ ගැන ඉන්දියාව සමග සාකච්ඡා කරනවා….

colombotoday

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday