Colombo Today Local NewsWorld

බ්‍රිතාන්‍ය යේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා !

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කොවිඞ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳුණු ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කොරෝනා වෛරස ආසාදිතයින් 74 දෙනෙකු මේ වනවිට හමුවී ඇති බවයි.

ඊයේ දිනයේදී වෛරසය ආසාදනය වූ 15 දෙනෙකු අලූතින් හඳුනාගෙන ඇති අතර, ඒ අතරටයි ශ්‍රී ලාංකිකයන් දෙදෙනාද අයත්වන්නේ.

ඔවුන් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි ගුවන් මගීන් 300කට අධික පිරිසක් නිරෝධායන කටයුතු සඳහා අද උදෑසන යොමු කළ බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සදහන් කළා.

මෙම මගීන් ඩුබායි, කටාර්, සිංගප්පූරුව, තායිලන්තය  සහ මලයාසියාව යන රටවල ගුවන් තොටුපළ හරහා කටුනායකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, ඊයේ දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි මගීන් 171 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා පූනානි සහ කන්දකාඩු මධ්‍යස්ථානවලට යොමු කෙරුණා. ඉන් මගීන් 24 දෙනෙකු කන්දකාඩු වෙත රැගෙන යනු ලැබුවේ ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානයකින්.

අනෙක් පිරිස බස්රථවලින් අදාළ ස්ථානවලට රැගෙන ගියා.    

විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සඳහා ප්‍රමාණවත් පහසුකම් පොළොන්නරුව – කන්දකාඩු සහ පූනානි පිහිටි බැටිකලෝ කැම්පස් ආයතනයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පවතින බව යුද හමුදාව පවසනවා.

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ දිවයිනට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ද නිරෝධායන කටයුතු පිළිබඳව යම් දැනුවත් භාවයකින් කටයුතු කළ යුතු බවයි.

මේ අතර ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි මගීන්ගේ නිරෝධායන කටයුතු වෙනුවෙන් කිසිදු අයකිරීමක් සිදු නොකරන බව රජය තහවුරු කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකින් පසු ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත් කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මේ දක්වා සිදුකළ පරිදි අනෙකුත් රටවලින් පැමිණෙන මගීන් දින 14 ක පසු විපරමකට ලක් කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ 3,900 ක පමණ පිරිසක් පසු විපරමට ලක් වෙමින් පවතින බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන්ගේ දින 14 ක් යනතුරු විවිධ උත්සව සහ සංචාර සඳහා නොගොස් නිවසේ රැඳී සිටින ලෙසද ඉල්ලීමක් කරනු ලබනවා.

කොවිඞ්  – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව එක්ලක්ෂ 18,585ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 4262ක් වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මේ අතර, බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනී නඞීන් ඩෝරියස්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

වෛරසය ආසාදනය වූවන් සමග සමීපව කටයුතු කිරීම හේතුවෙන් ඇයට ද මෙම වෛරසය වැළදෙන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ.

බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 6ක් වාර්තා වන අතර ආසාදිතයන් සංඛ්‍යාව 382ක් වනවා.

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 959ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 23ක් ද වාර්තා වනවා. ඉතාලියෙන් ආසාදිතයන් 10,149ක් වාර්තා වන අතර මරණ 631 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Related posts

ඒකාබද්ධයේ බෙදීමක් තියනවා.. හිට්ලර්ට අපි කොහෙත්ම කැමති නෑ – වාසු

colombotoday

විදෙස්ගතව සිට පැමිණි මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගනී

Admin

ආර්ථික ඝාතකයින්ට එරෙහි පෙත්සමෙන් රනිල් මුදා හැරීමට නියෝග

colombotoday

අක්කරයිපත්තු වාහාබි වාදීන් දේශපාලන අස්ථාවරත්වය ප්‍රයෝජනයට ගනිමින් එලි බසිති. – සෞදි අරාබි දිනයට රමළාන් සමරති.

colombotoday

ඇප නෑ.. මහින්දානන්ද නැවතත් රිමාන්ඩ්

colombotoday

ඊබ‍්‍රාහිම් සිරකර තැබීමත් ගම්මිරිස් මිල පහත යාමට හේතුවක්- අගමැති

colombotoday