Colombo Today Local NewsUncategorized

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ යාපනය කෝපායි ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක්ට එරෙහිව ඊයේ(03)දින නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිසියට වටකොට පහර දුන් පුවතක් වාර්තා වේ.

චුන්නාකම් පොලීසියේ නිලධාරීන් ඌරණි මාර්ග ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියදී ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක් පදවමින් සිටි මන්ත්‍රීවරයා කොටුවි තිබේ.

ඊ.පී.ඩී.පී. යට සම්බන්ධ පුද්ගලයෙක් වන මොහුට දඩ පත්‍රිකාවක් ලබාදීමට සූදානම් වන අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන් සමග බහින්බස් වී ඇත.

එම අවස්ථාවේදී එතැනට පැමිණි ඔහුගේ ඥාතියෙක් බව කියන පුද්ගලයෙක් පොලීසිය සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර තවත් පිරිසක් වටවී පොලිස් නිලධාරීන් දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීමට පටන්ගෙන ඇත.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් අහසට වෙඩි තබමින් උපක්‍රමශීලීව පසු බැස ඇති අතර අද(4) අලුයම් කාලයේදී මෙහෙයුමක් දියත්කර මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සමග ගැටුමට මුල පිරූ පුද්ගලයා සැගවී සිටින බව පොලීසිය කියයි.

Related posts

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19කට තුවාල

Admin

හැමදාම කළේ රස කතා කියා රට ඇන්දවීම… දමනය කළ යුත්තේ අරගලය නොව උද්ධමනයයි

colombotoday

හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනපති සටනට !

colombotoday

පි.බි.ජයසුන්දරගෙන් උපදෙස් ගැනීම ජනපතිගේ විනාශයට මුලක්

colombotoday

එජාපය, ජවිපෙ සමග එක්වී පෙබරවාරි 4ට පෙර නව ව්‍යවස්ථාව ගේනවා – සුමන්තිරන්

colombotoday

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin