Uncategorized

එජාපය, ජවිපෙ සමග එක්වී පෙබරවාරි 4ට පෙර නව ව්‍යවස්ථාව ගේනවා – සුමන්තිරන්

ක්සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව එළඹෙන වසරේ පෙබරවාරි 4 වැනිදාට පෙර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව දෙමළ සන්ධානය පවසයි.

 එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.

 එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

 z2015 අගෝස්‌තුවල ඉඳලම යහපාලන ආණ්‌ඩුවට එකතු වෙන්න කියලා දෙමළ සන්ධානයට ආරාධනා ලැබුණා. එක්‌ වතාවක්‌ ජනාධිපතිවරයාම කිව්වා ඇයි ඔයාලා එකතු වෙන්නේ නැත්තේ කියලා.

 මට පුද්ගලිකව ආරාධනා ලැබුණේ නෑ. හැබැයි ආණ්‌ඩුවට එක්‌වෙලා ඇමැතිකම් භාරගන්න කියලා අපේ සන්ධානයට යෝජනා ආවා. නමුත් දෙමළ ජනතාවගේ ගැටලුවට ජාතික විසඳුමක්‌ ලබාදෙනතුරු කිසිම ආණ්‌ඩුවකට එකතු වන්න අපේ කිසිම සූදානමක්‌ නෑ.

 අපිත් ජනතා විමුක්‌ති පෙරමුණත් එකතුවෙලා තමයි නව ව්‍යවස්‌ථාවට අදාළ අතුරු කමිටු වාර්තාව ගෙනාවේ. එහි උතුරු නැගෙනහිර පළාත් එකතු වෙන්න ඕන කියලා අපි සටහන් කරලා තියෙනවා. මහජන එක්‌සත් පෙරමුණ විතරයි ඒකට අකමැති වුණේ. නමුත් ජනතා විමුක්‌ති පෙරමුණ එයට අදහසක්‌ දැක්‌වූවේ නැහැ. ඔවුන් කිව්වේ දැනට එය නොවිය යුතු දෙයක්‌ කියලා. පළාත් ඒකාබද්ධ වෙනවනම් එහෙම එකතු වෙන්න පුළුවන්.

 නමුත් එහෙම එකතු වෙන්න ජනමත විචාරණයකට යා යුතුයි කියලා එම වාර්තාවේ සටහන් කරලා තියෙනවා. එම කරුණට ජනතා විමුක්‌ති පෙරමුණ එකඟයි.

 ඊයේ අගමැතිතුමා මහනායක හිමිවරුන් හමුවුණා. එහිදී බුද්ධාගමටත් ප්‍රමුඛස්‌ථානයක්‌ දෙනවා කියන ප්‍රවෘත්තිය අද පළවෙලා තියෙනවා. ඒ බව අර අතුරු කමිටු වාර්තාවෙත් තියෙනවා.

 බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානයක්‌ දීම ගැන අපිට ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් ඒ වගේම අනිත් ආගම්වලටත් සමානව සලකන්න ඕනේ. මහින්දගේ පාර්ශ්වය කියන දෙයක්‌ තමයි නොවැම්බර් 07 වැනිදා ගේන්න තිබුණ ව්‍යවස්‌ථා කෙටුම්පතට බාධා කරන්න තමයි අපි වෙනසක්‌ කළේ කියලා. හැබැයි අපි ජාතික ආණ්‌ඩුවක්‌ හදාගන්න අපේ සහය පළකළේ අපිට අරමුණක්‌ තිබ්බ හින්දා.

 ඒ අරමුණ කඩාබිඳෙන ලෙස ඔක්‌තෝබර් 26 වැනිදා සිදුවූ සිදුවීමෙන් සිදුවූ වෙනස්‌කම් අපේ අරමුණට බාධා වෙන නිසාත් ව්‍යවස්‌ථාවට, නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නොවන හින්දත් ඊට විරුද්ධ වෙන්න සිදුවුණා. දැන් ඉක්‌මනින් නව ව්‍යවස්‌ථාවේ වැඩකටයුතු කරගෙන යනවා. එළඹෙන පෙබරවාරි 04 ට කලින් එජාප, ජවිපෙ සහ අපිත් එකතු වෙලා හදපු කෙටුම්පතක්‌ ඉදිරිපත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

 දැනටමත් විශේෂඥ කමිටුව දීපු වාර්තාවේ තිබෙන කරුණු ගැන අපේ පාර්ශ්ව තුනම සලකලා බලනවා.

 ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් වුණු නිසා පාර්ලිමේන්තු බහුතරය නැහැ කියලා කියනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් 20 ක්‌ 21 දෙනෙක්‌ විතර ආණ්‌ඩුවට එක්‌වෙන්න යනවා කියලා කියනවා. ඒ හින්දා අද ඒ අය අතරෙම අර්බුදයක්‌ ඇති වෙලා. ඒ නිසාම එයාලට පක්‍ෂ කාර්යාලය වහන්නත් සිදුවෙලා. එයාලගෙන් එහෙම පිරිසක්‌ ආවොත් අපේ අනිත් පාර්ශ්වයත් එක්‌ක 150 කට වැඩි ප්‍රමාණයක්‌ ඉක්‌මවා යනවා”

Related posts

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

Admin

වැලිකඩ බන්ධනාගාරයේ උද්ඝෝෂණයෙන් කෝටියක දේපළ විනාසයි

colombotoday

ගුරුකන්ද නාහිමි ආදාහනය ගැන අධිකරණ විභාගය ඇරඹෙයි… ඥාණසාර හිමිත් මුලතිව් අධිකරණයට…

colombotoday

යහපාලන කෙරුම් ‘කරු‘ ඇමතිගේ අනුහසින් කරුංකා ජාවාරම ජයටම.

colombotoday

අශිෂ්ට ප්‍රකාශන තහනම් කිරීමට පනතක්

colombotoday

වද සැත්කම් චූදිත සාෆි ඇපමත නිදහස්..

colombotoday