Colombo Today Local NewsUncategorized

යහපාලන කෙරුම් ‘කරු‘ ඇමතිගේ අනුහසින් කරුංකා ජාවාරම ජයටම.

karunka ravi

කරුංකා ප‍්‍රතිඅපනයනය කිරීම සඳහා රජය බලපත‍්‍ර නිකුත් නොකර තිබිය දී කරුංකා ප‍්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමක් මේ වන විත් කි‍්‍රයාත්මක වෙමින් පවතී. මේ ජාවාරම සඳහා වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරු කිහිප දෙනකු හා ව්‍යාපාරිකයන් අතර දැඩි තරගකාරිත්වයක් ගොඩනැගී ඇති අතර නව සමාගම් අටක් කරුංකා ප‍්‍රතිඅපනයනය සඳහා බලපත‍්‍ර ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත. ඉන්දුනීසියාවෙන් කරුංකා පුවක් ලංකාවට ගෙන්වා ඉන්දියාවට ප‍්‍රතිඅපනයනය කිරීමේ ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ 2010 වසරේ දීය. එම වසරේ මේ සඳහා ලියාපදිංචි වූ සමාගම් වූයේ 4S සහ වයඹ ටේ‍්‍රඩර්ස් යන සමාගම් දෙකය.

කරුංකා ප‍්‍රතිඅපනයනය කිරීමෙන් දැඩි ලාභයක් උපයා ගැනීමට හැකි බව දැන ගැනීමෙන් පසුව මේ සඳහා තවත් සමාගම් 15ක් පසුගිය සතිය වන විට බලපත‍්‍ර ලබා ගැනීමේ උත්සාහයක නිරතව ඇත. ඉන්දුනීසියාවෙන් ගෙන්වන කරුංකා පුවක් ඉන්දියාව, නේපාලය, බංගලිදේශය, මාලදිවයින සහ ඩුබායි යන රටවලට ප‍්‍රතිඅපනයනය කෙරේ. රජයට ආදායමක් අහිමි වන සේ කි‍්‍රයාත්මක වූ මෙම ජාවාරම්කාර තත්ත්වය නව රජය පත්වීමත් සමඟ අහෝසි වූ නමුත් යළිත් වරක් කරුංකා ප‍්‍රතිඅපනයනය කිරීමේ ව්‍යාපාරය ජාවාරම්කාරී තත්ත්වයට ඇදවැටී ඇතැයි දැනගන්නට ඇත. කරුංකා ප‍්‍රතිඅපනයනය කිරීම සඳහා බලපත‍්‍ර නිකුත් කරනු ලබන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසිනි. මේ දක්වාම එවැනි බලපත‍්‍ර නිකුත් කිරීමක් සිදු කෙරී නැතත් කරුංකා ප‍්‍රතිඅපනයනය කිරීමේ ව්‍යාපාරය රහසිගත ලෙස කි‍්‍රයාත්මක වේ.

මේ අතර ඉකුත් ආණ්ඩු සමයේ මෙරටට ආනයනය කළ කරුංකා කන්ටේනර් 48ක් මුදා නොහැර රේගුවේ රඳවා ගැනීමට එරෙහිව කරුංකා ආනයනය කළ සමාගම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය අතර ඉකුත් සැප්තැම්බර් 30 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ ති‍්‍රපුද්ගල මඩුල්ල විසින් කරුංකා තොගය සමාගම් වෙත මුදා හැරීමට නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පවා නොතකමින් ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් කරුංකා තොගය රේගුවේ රඳවා තබා ගැනීමට උපදෙස් ලබා දී ඇතැයි දැන ගන්නට ලැබී තිබේ. එලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා කරුංකා තොග රඳවා තබා ගැනීමට එරෙහිව අදාළ සමාගම් යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණ ට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ද තීරණය කර ඇත.

(සත්හඬ -දයා නෙත්තසිංහ)

Related posts

රු. කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

colombotoday

ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී

colombotoday

මාතලෙන් ඇල්ලූ අධිවිෂ රසායන ලීටර් 1600 ගෙනැවිත් ඇත්තේ තේ කොළ වලට කලවම් කිරීමටයි…

colombotoday

ඥාණසාර හිමි ඉන්නා තැන ගැන හිටපු ඇමතිගෙන් පොලීසියට ඔත්තුවක් !

colombotoday

ශනිල් නෙත්තිකුමාරට ඇප

colombotoday