Colombo Today Local News

ඩයලොග් සමාගම මහ දවල් මහ මග පාරිභෝගිකයා ගසා කයි..!

ඩයලොග් සමාගම ප්‍රවර්ධන වැඩසටහනක් මුවාවෙන්, පාරිභෝගිකයන්ගේ මුදල් ගසා කෑමේ කාර්යයක නිරතව සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි සභාපති රංජිත් විතානගේ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ඩයලොග් සමාගම මහ දවල් මහ මග පාරිභෝගිකයා ගසා කයි

ඩයලොග් සමාගමේ ටී ෂර්ට් හා ඩයලොග් බලය ලත් හැදුනුම්පත් පැළදගත් පිරිසක් අද දින නිට්ටඔුව නගරයේ දී ඩයලොග් පාරිභෝගිකයින්ගේ දුරකතන වල ස්ටාර් පොයින්ට් මුදල් බවට පරිවර්තනය කිරීමට හැකියාව ඇති බව පවසා පාරිභෝගිකයින්ගේ ජංගම දුරකතනය ගෙන ඊට ඇප් ඩවුන්ලෝඩ් කර දෙනු ලබනප්රිවර්ධන කාර්යක නිරත විය. මෙහිදී ඔවුන් විසින් පාරිභෝගිකයාට අනවශ්යෝ දිනපතා මුදල් පාරිභෝගිකයාගෙන් අය වෙන ඇප් ඩවුන් ලෝඩ් කරනු ලබයි. පාරිභෝගිකයාට දුරකතන ආපසු දෙනු ලබන අවස්ථාවේ එම දුරකතන අංකයට එන අදාල ඇප් සාර්ථකව භාගත වූ බවට වන පනිවුඩ මකා දමනු ලබයි.

මෙමගින් පාරිභෝගිකයාගේ මුදල් ගසා කනවා පමණක් නොව පාරිභෝගිකයාගේ දුරකතනයේ ඇති සියලු දත්තද ලබා ගැනීම සිදු කරනු ලබයි.
පාරිභෝගිකයින් විසින් අදාල පුද්ගලයින් නිට්ටඔූව පොලීසියට භාර දී ඇත.

මහාමාර්ගයේ දී කිසිවෙකුටත් තම ජංගම දුරකතනය නොදෙන ලෙස සියලු පාරිභෝගිකයින්ගෙන් අප සංවිධානය ඉල්ලා සිටිමු.

ස්තුතියි, මෙයට,
රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය.

Related posts

ජෝන්ද සිල්වා රඟහල විකිණීමට සූදානම්.. යහපාලන කලාකරුවෝ ආණ්ඩුවට එරෙහිව අවි අමෝරති !

colombotoday

වල්අලි 6ක් නිවෙසක් බිමට සමතලා කරයි

colombotoday

සිය පරාජය පිලිබඳ රහසක් මහින්ද හෙළි කරයි.

colombotoday

අගමැතිතුමා බැදුම්කර වංචාවේ සියළු මුදල් සාක්කුවේ දාගත්තේ නෑ… එතුමා පාරිශුද්ධ බෝධිසත්වයෙක් නෙවෙයි – රංජන් අගමැතිගේ ක්ලීන් සූට් ගලවයි

colombotoday

සහල් තොග ලැබීම තවත් අඩු වෙයි

Admin

උතුරේ ඉඩම් නිසි අයිතිකරුවන්ට දෙන්න උතුරු ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

colombotoday