Colombo Today Local News

බැදුම්කර මගඩියෙන් රජයට සිදුවූ පාඩුව රුපියල් කෝටි එක්දහස් එකසියය ඉක්මයි !

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධව පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම මගින් ලබාදුන් වාර්තාවට අනුව 2015 සහ 2016 යන කාල සීමාව තුළ නිකුත් කර ඇති මහ බැංකු බැඳුම්කර මගින් රජයට සිදුව ඇති රුපියල් දස ලක්‍ෂ 11,145 කට වැඩි පාඩුව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් නැවත අයකර ගැනීමටත් වැරදිකරුවන්ට දඬුවම් පැනවීමටත් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (03 වැනිදා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් සඳහන් කළේය.

එසේම කොමිසම මගින් යෝජනා කර ඇති පරිදි අදාළ පාඩු වූ මුදල් කඩිනමින් අයකර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට පනතක්‌ ඉදිරිපත් කර සම්මත කරගන්නා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

2015 පෙබරවාරි මස 27 වන දින පැවත්වූ වෙන්දේසියෙන් පමණක්‌ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ලබා ඇති අවම වාසිය රුපියල් මිලියන 688 කට වැඩි ප්‍රමාණයක්‌ බව සඳහන් වන බවත්, මෙම පරීක්ෂණ කාලසීමාව තුළ සොයාගත් තොරතුරු මත මීට වැඩි වීමක්ද සිදුවිය හැකි බව සදහන් වන බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

පරීක්‌ෂණයේදී හෙළි වූ තත්ත්වයන් අනුව ද්විතීය වෙළෙඳපොළේ ගනුදෙනුවලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145 ක්‌ වන අතර ඒ අතරින් සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වූ අලාභය රුපියල් මිලියන් 8,529 ක හෙවත් බිලියන 8.5 කට වඩා වැඩිවන බව වාර්තාවේ සඳහන් වන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

යහපාලන TOP 10 තුන්වෙනියා හෙළිවෙයි.. වංචාව මිලියන 1000යි !

colombotoday

ඌවේ දෙමළ පාසල්වලින් සිංහල ගුරුවරුන් ඉවත් කිරීමට විශේෂ කමිටුවක්…

colombotoday

Time Out ක්‍රමයට සැමරීමට විදෙස් මාධ්‍යයේ අවධානය

Admin

කලහකාරි සිද්ධීන්ට අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ගයාන්ට ඇප

colombotoday

පැනමා රහස් ලේඛණවලින් ලංකාවේ මෙගා ඩීල් එළියට !

colombotoday

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Admin