Colombo Today Local News

ඌවේ දෙමළ පාසල්වලින් සිංහල ගුරුවරුන් ඉවත් කිරීමට විශේෂ කමිටුවක්…

ඌව පළාතේ දෙමළ පාසල්වල සිටින දෙමළ භාෂාව කතා කළ නොහැකි සිංහල ගුරුවරුන් හඳුනාගැනීම සඳහා තම අමාත්‍යාංශයේ ලේකම්වරියගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත්කරන බව ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පැවසීය.

දෙමළ භාෂාව නොදැන පළාතේ දෙමළ පාසල්වල සිටින  සියළුම සිංහල ගුරුවරුන් ස්ථාන මාරුකර යැවීමේ තම තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවත් කුමන බාධක පැමිණියද තමා එම  පියවර ගන්නා බවද හෙතෙම කීය.

බදුල්ල දෙමළ බාලිකා විදුහලේ ඇතුළු ඌව පළාතේ සියළුම දෙමළ පාසල්වල සිටින සිංහල ගුරුවරුන් ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් සිය අමාත්‍යාංශයේදී අද (5)විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් තොන්ඩමන් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

Related posts

LIOC සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර

colombotoday

අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

colombotoday

කතුන් තිදෙනෙක් කෙහෙවලු පටලාගෙන එක් කතක් මරු වැළඳ ගනී

colombotoday

කොරෝනා ආසාදනය වූ අමෙරිකානු ජනපති හා ආර්යාවට, ජනපති ගෝඨාභය ඉක්මන් සුවය පතයි

colombotoday

ක්වේට් ගමන් තාවකාලිකව අත්හිටුවයි !

colombotoday

දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිහල් මුද්‍රා තබයි

colombotoday