Colombo Today Local News

දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිහල් මුද්‍රා තබයි

දිවයිනපුරා පිහිටි මත්පැන් අලෙවිහල් 4500ටම මත්පැන් අලෙවි කිරීමට නොහැකි වන ලෙස මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (31)දින පියවර ගෙන තිබේ.

සංචරණ සීමා පැනවූ මුල් අවස්ථාවේදී දකුණ හා මධ්‍යම පළාත්වල අලෙවිහල්වලට මුද්‍රා තැබිණි.

වසා දමා ඇති මත්පැන් අලෙවිහල් මගින් මත්පැන් විකුණන බවට ලැබුණු පැමිණිලි මත මෙලෙස රටේ සියලුම මත්පැන් අලෙවිහල් මුද්‍රා තැබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවැසුවේය.

කඩුගන්නාව ප්‍රදේශයේ බලයලත් හෝටලයක මත්පැන් කවුන්ටරය විවෘත කර මත්පැන් අලෙවි කිරීමේදී එම ස්ථානයද පෙරේදා (30දින) වැටලූ සුරාබදු නිලධාරීන් එකී හෝටලයට ද මුද්‍රා තැබීමට කටයුතු කළේය.

Related posts

ආණ්ඩුවට විරුද්ධව පාගමන් ගියොත් වෙනදේ බලාගමු !

colombotoday

පසුගිය මාස කිහිපයට ඇමැතිට හොරෙන් ලං.වි.ම. බිලියන ගණන් ණය අරන්

colombotoday

ප්‍රභාකරන්ගේ වීර කතා, බ්ලූ ෆිල්ම්.. LTTE සී.ඩී. තැටි ඇතුළු උපකරණ තොගයක් සොයාගනී

colombotoday

ශ්‍රී ලංකාව ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ගනී.. පළමුව ඩොලර් බිලියනයක ණයක්.. මූල්‍ය ක්ෂේත්‍රය ශරීයාකරණයට

colombotoday

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයන්ගේ විරෝධය

Admin

නව නීතිපතිවරයා ලෙස රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

colombotoday