Colombo Today Local News

ශ්‍රී ලංකාව ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ගනී.. පළමුව ඩොලර් බිලියනයක ණයක්.. මූල්‍ය ක්ෂේත්‍රය ශරීයාකරණයට

Shariah banking 3212

උද්ගතවී ඇති ආර්ථික අර්බූධයට පිළියමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉස්ලාමීය ශරීය නීතිය පදනම් කරගත් සෞදියේ ඉස්ලාමීය සංවර්ධන බැංකුවෙන් (IDB) ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට සූදානම් වනවා.

සෞදි අරාබිය කෙන්ද්‍රකරගත් “ඉස්ලාමීය සංවර්ධන බැංකුව” ඉස්ලාමීය සහ ඉස්ලාමීය නොවන රටවල මුස්ලිම් ප්‍රජාවගේ ආර්ථික සංවර්ධනය සදහා පිහිටුවාගත් ඉස්ලාමීය ශරීයා නීතිය පදනම් කරගත් මූල්‍ය ආයතනයකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුණ මහෙන්ද්‍රන් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පසුගිය දා සෞදි අරාබියේ සංචාරයක නිරත වෙමින් (IDB)අධිපතිරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. අදාළ ණය මුදල ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාව ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබාගත යුතුවන අතර ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ඉස්ලාමීය ශරීයා නීතියට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීමටද සිදුවනු ඇති.

මෙලෙස ආගමික පදනම් සහිත බැංකුකරණය හදුන්වා දෙමින් මූල්‍ය ක්ෂේත්‍රය ශරීයාකරණයට එරෙහිව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මහබැංකු අධිපතිවරයාට ලිපියක් යොමු කරමින් බොදු බල සේනා සංවිධානය අද සිය විරෝධතාව දැක්වූවා.


26 පෙබරවාරි 2016

ජනාධිපතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 1,

ගරු ජනාධිපතිතුමනි,

ආගමික පදනම් සහිත බැංකුකරණය හඳුන්වාදීම හා ඉස්ලාමික සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීම පිලිබඳ විරෝධය දැක්වීම

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව රට මුහුණ පා ඇති ආර්ථික අර්බුධයට මුහුණ දීම උදෙසා ඇමරිකානු ඩොලර් බිලියනයක් ලබා ගැනීම පිණිස අප රට තුල ආගමික පදනම් සහිත බැංකුකරණය හඳුන්වාදීම හා ඉස්ලාමික සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීම පිලිබඳ යම් එකඟතා ඇතිකරගෙන ඒ පිලිබඳ දැනටමත් කටයුතු කරගෙන යන බව පෙනේ.

රටේ ආර්ථික අර්බුධයට මේ දක්වා පාලනය කල එජාප හා ශ්රීය ලනිප ආණ්ඩු වගකිව යුතු අතර ඒ නිසා අප රට තවදුරටත් අනවශ්යු අරබුධයකට ලක කල යුතු නොවේ.

මහබැංකු අධිපතිවරයා විසින් සමාජ බෙදුම්වාදයක් ඇති කරනු ලබන ආගමික පදනම් සහිත බැංකුකරණය හඳුන්වාදීම නොකරන බවට අපට ලිඛිත පොරොන්දුවක් දී තිබියදී මෙලෙස කටයුතු කිරීම අතිශය කණගාටුදායකය.

පාලකයින්ගේ දුර්වලකම් හා අපොහොසත් කම නිසා බහුතරයක් මුස්ලිම් නොවන රටක් තුල මෙලෙස ඉස්ලාම් ෂරියා නීතියට පදනම් දැමීම සිදුවන මෙම කරුණු රහසේ සිදු වීම. මහජන මුදල් පිලිබඳ වගකිවයුතු වන පරලිමේන්තුව මේ පිලිබඳ නිහඩව සිටීම අතිශය භයානක බැවින් මේ කරුණ පිලිබඳ ඔබගේ අවධානයට යොමු කරමු.

මේ පිලිබඳ

1) මහ බැංකු අධිපතිතුමාට යොමු කරන ලිපිය,
2) මහ බැංකු අධිපතිවරයා සමග මීට පෙර වූ සන්නිවේදන තොරතුරු,
3) ඉස්ලාමික සංවර්ධන බැංකුවේ මුලික හඳුන්වාදීම,
4) මෙම කරුණ පිලිබඳ පළවූ මාධ්යු වාර්තාව ,

මේ සමග යොමු කරමු.

ස්තුතියි

තෙරුවන් සරණයි

දිලන්ත විතානගේ
( හිටපු කථිකාචාර්ය – කොළඹ විශ්ව විද්යා ලය
ප්රනධාන විධායක නිලධාරී – බොදු බල සේනා
සභාපති – බොදු ජන පෙරමුණ )

පිටපත් –
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
මහ බැංකු අධිපති අර්ජුණ මහෙන්ද්‍රන් මහතා

Related posts

බුදුපිළිම පොඩිපට්ටම් කර, සිංහලයා පළවාහැර, උතුරේ ගැයෙන සංහිදියාවේ ‘හංස‘ ගීතය.. මෙතැනින් කොතනටද?

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංවිම ඉංජිනේරුවන් වැඩ වර්ජනයේ

colombotoday

හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

colombotoday

දෙමළ ජාතික සන්ධාන ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

colombotoday

ජනපති මහ බැංකු නිලධාරීන්ට දුන් පැය 24ක කාලයේදී සංචිත අනුපාත පහල දමයි.. වෙළදපලට සම්පූර්ණ වශයෙන් බිලියන150ක්

colombotoday