Colombo Today Local Newsකරණම

ප්‍රබල මුස්ලිම් ඇමති දෙදෙනෙක් හිටපු ජනපති රහසේ හමුවෙයි.. කරණමකට සූදානම් !!

ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජාතික ඇමතිවරුන් දෙදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය 24 වන සිකුරාදා නුගේගොඩ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ ඥාති නිවසකදී මෙම හමුව සිදුව ඇතැයිද, මෙම දෙදෙනාගෙන් එක් අයෙකු කැබිනට් ඇමති ධුරයක් දරන මුස්ලිම් දේශපාලන පක්ෂයක නායකයෙකු බවද එම වාර්තා පවසයි.

ඔවුන් දෙදෙනා සිය ඇමති ධුරවලින් ඉවත්ව විපක්‍ෂයට එක්වීම ගැනත් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණය ගැනත් එහිදී සාකච්චා කර ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබේ.

මේ අතර ඒකාබද්ද විපක්ෂය සමග එක්ව ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩ නැගීම සදහා තමාගේ සහය පළ වී ඇතැයි පසුගිය දිනවල පල වූ වාර්තා අසත්‍ය යැයි “ලංකා මහජන කොංග්‍රසය“ පක්ෂයේ සභාපති අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

Related posts

සතොස භාණ්ඩ 10ක මිල පහළට

Admin

අයහපත් කාලගුණයෙන් 1,500කට අධික පිරිසක් පීඩාවට

Admin

නත්තලට සරිලන එලවළු සැපයුමක් ලබා දෙන්න බෑ – නුවරඑලියේ එලවළු ගොවින් කියයි

colombotoday

යෝෂිත අත්අඩංගුවට ගැනීමට ඩීඅයිජී අනුර දිසානායක කළ මෙහෙයුම ගැන විමල් කියයි

colombotoday

මේ වසරේ සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරන්න යයි

Admin

CID භාරයේ සිටි ‘පොඩි ලැසී’ රක්ෂිත බන්ධනාගාරගත කරේ

colombotoday