Colombo Today Local News

මේ වසරේ සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරන්න යයි

මෙම වසරේ සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඊට අදාල කටයුතු කඩිනමින් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මාතර, හික්කඩුව, අම්බලන්ගොඩ, සීතාවක, සීතාවකපුර, පානදුර, හොරණ, වත්තල, ජා-ඇළ, ගම්පහ, කටාන, මහර, කැකිරාව, තලාව, මාවනැල්ල, කුණ්ඩසාලේ, නාවලපිටිය, ගම්පොළ, හැටන්, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, වව්නියාව, මඩකලපුව, අම්පාර සංවර්ධන සැලසුම් මෙලෙස ගැසට් කිරීමට නියමිතය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ත්‍රිකුණාමලය සංවර්ධන සැලසුම, ඇල්ල සංවර්ධන සැලසුම, හම්බන්තොට සංවර්ධන සැලසුම හා හික්කඩුව සංවර්ධන සැලසුම ගැසට් කිරීමට නියමිත බවද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මේ අතරින් ඇල්ල සංවර්ධන සැලසුම මේ වනවිට ගැසට් කර තිබේ.

Related posts

දේශපාලන අලකලංචි මැද ආණ්ඩුව සතියක් තුළ මිලියන 14,000ක් ණය වෙයි

colombotoday

Breaking : ඊයේ පැනවූ ඇඳිරිනීතිය ඉවත් කරයි.

colombotoday

විදුලියටත් මිල සූත්‍රයක්…

colombotoday

මහනුවර දුම්රිය නිල නිවසේ අභිරහස් මරණයක් – නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

සී.අයි.ඩි. හිටපු ලොක්කාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා ඒකාබද්ධය ජාත්‍යන්තරයට යයි

colombotoday