Colombo Today Local News

රට වෙනුවෙන් ඉදිරියට එන මහා සංඝරත්නයට මේ ආණ්ඩුව ගරහනවා – ගැටඹේ නාහිමි

රට ව්‍යවසනයකට ගමන් කරන විට මහා සංඝයා එක්ව ඒවාට පිළියම් ඉදිරිපත් කරන බවත් එය අතීතයේ සිට සිදුවු දෙයක් බවත් එලෙස රට රැකගන්නට ඉදිරියට එන මහා සංඝයාට අපහාස වන අයුරින් වත්මන් රජය සංඝයා වහන්සේලාට ගරහන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසූහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (22) සිරිවිමල හිමියන් බැහැදැක වත්මන් රජය සහ රජයේ දේශපාලඥයින් ගමන් ගන්නා මාවත පිළිබඳව දැනුවත් කිරීම සදහා පැමිණි අවස්ථාවේදි ඒ හිමියෝ එසේ පැවැසුහ.

‘‘තිබ්ච්ච කරුමෙ වැඩක් නෑ කියල ජනතාව තවත් එකක් ඕන කියල තවත් ආණ්ඩුවක් ගත්තා. දැන් දාගත්තු කරුමය තිබ්බ කරුමෙට වඩා එහා. දැන් ඇගට දාගත්ත එකෙන් ගැලවෙන්නෙ කොහොමද කියා මිනිසුන් බලා ඉන්නවා. වත්මන් රජය මොනයම් සූත්‍රයක් දමා හෝ මැතිවරණය කල් දමනවා. රටේ නායකයන් වෙන අයගෙ පස්සෙ ගිහින් බලය ලබාගන්නවා. නමුත් හිතන්නෙ නැ මේක මට පිනට ලැබිච්ච දෙයක් කියලා. එහෙන් බැංකු කනවා. අනික් පැත්තෙන් අධ්‍යාපනය කනකං බලං ඉන්නවා.‘‘ යැයි ද නාහිමියෝ කීහ.

Related posts

fitch රේටින්ග්ස් ගෝලීය මූල්‍ය දර්ශකයේ ලංකාව පහළටම ඇද වැටෙයි!

colombotoday

ලිංගික අතවර කරමින් ගබ්සා කළ කොස්තාපල්වරයෙක් මාට්ටු

Admin

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති මෛත්‍රී ඉන්දීය අගමැති මෝදිට දුරකථනයෙන් අමතයි…

colombotoday

කොරෝනා හැදෙන නීතිඥවරුන්ට පහසුකම් ඉල්ලා නීතිඥ කුවේරා ද සොයිසාගෙන් ලිපියක්. | බහුතර නීතිඥවරු එපා කියයි.

colombotoday

රාජිත ට සිතාසි

colombotoday

හකීම්ගේ ජාතිවාදී රෙද්ද නාවලපිටියේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ගලවා දමයි (Video)

colombotoday