Colombo Today Local News

මන්නාරම සමූහ මිනිවලේ කැණිම් අත්හිටුවන්නැයි අධිකරණයෙන් නියෝගයක්.

මන්නාරම සමූහ මිනිවලේ කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙසට මන්නාරම මහේත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මන්නාරම මහේත්‍රාත් ටි.සරවණරාජා මහතා විසිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

කැණිම් කටයුතු භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ අස්ථී කොටස් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්වූ අමෙරිකානු කාලනිර්ණ වාර්තාව අධ්‍යයනය කිරීමට අවශ්‍ය බැවින් මෙම නියෝගය ලබා දී ඇති බවයි.

අමෙරිකානු කාබන් පරීක්ෂණ වාර්තාවට අනුව මන්නාරම සමූහ මිනිවලෙන් හමුවූ අස්ථි කොටස් ක්‍රිස්තු වර්ෂ 1400 සහ 1650 අතර කාලයට අයත් බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා.

කාබන් පරීක්ෂාව වෙනුවෙන් ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවූ අස්ථී සාම්පලවල වාර්තාව මහජන ලියවිල්ලක් ලෙස මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ ප්‍රසිද්ධියට පත් කළා.

Related posts

අරමුදල් හිස් වේ… මහපොළත් කැපෙන ලකුණු

colombotoday

තහනම ඉවතට.. තැබෑරුම්වලින් මත්පැන් මිළදී ගැනීමට, විකිණීමට අද පටන් කාන්තාවන්ටත් අවසර !

colombotoday

කටඋත්තරයක් ඕනනම් යාපනේට එනු.. ප්‍රභාකරන්ගේ මස්සිනා CIDයට නියෝග දෙයි !

colombotoday

නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇදිරි නීතිය…

colombotoday

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ අසභ්‍ය වීඩියෝවක් පෙන්වයි

colombotoday

සති දෙකකින් මිලියන 500ක් ගෙවනු – එන්තර වාසිය ෆොන්සේකාගේ නිවසට

colombotoday