Colombo Today Local News

සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමේ සූදානමක්… ඇමරිකානු සමාගමකින් ආණ්ඩුවට ධවල පත්‍රිකාවක්…

පෞද්ගලික අංශයේ සේවකයන්ට හිමි රුපියල් බිලියන 2000 කට අධික මුදලකට හිමිකම් කියන සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ ඇමෙරිකානු සමාගමක් කර ඇති යෝජනාවකට අනුව සකස් කළ ධවල පත්‍රිකාවක් ශ්‍රී ලංකා රජය වෙත ලබාදී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

මෙම ධවල පත්‍රිකාවේ එකම අරමුණ වී ඇත්තේ සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳ ‍පොළ තුළ ආයෝජනය කිරීම යැයිද පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (2) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා පෙන්වා දුන්නේය.

සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳ‍පොළ තුළ ආයෝජනය කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සකස් කිරීම වෙනුවෙන් අදාළ යෝජනා ඔවුන් ආණ්ඩුවට ඉදිරිපත් කර තිබෙන බවද ඒ මහතා කීය.

ආණ්ඩුව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර 2016 වර්ෂයේදී එළඹුණු ගිවිසුම ප්‍රකාරව ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300 ක ණයක් ලබා දීමට එකඟ වී තිබෙන බවද පැවැසූ ඒ මහතා එම ණය මුදල අනුව  ඩොලර් මිලියන 250 ක්ම ලබා දෙන්නේ සේවක අර්ථසාධක අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවලිය වෙනුවෙන් යැයිද පැවැසීය.

ආණ්ඩුවේ සැලසුම් අනුව 2025 වන විට රජය සතු සම්පත් සියල්ල කොටස් වෙළෙඳ‍පොළට නිකුත් කොට පුද්ගලීකරණය කිරීමට සැලසුම් සකස් වෙමින් තිබෙන බවත්, ඒ වන විට ඇතිවිය හැකි ප්‍රාග්ධන හිඟය ආවරණය කිරීම සඳහා ආසියාවේ විශාලතම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල යොදා ගැනීමේ උපක්‍රමය මේ අනුව ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඒ මහතා කීය.

මේ වන විට සේවක අර්ථසාධක අරමුදලින් සියයට 95 ක් භාණ්ඩාගර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් ඇතුළු රාජ්‍ය අංශයේ ආයෝජන සඳහා යොදා ගන්නා අතර, සියයට 5 ක් පෞද්ගලික අංශයේ ආයෝජනය සඳහා යොදා ගන්නා බවත් පැවැසු ඒ මහතා අර්ථසාධක අරමුදලින් සියයට 30-40 අතර ප්‍රමාණයක් කොටස් වෙළෙඳ‍පොළේ ආයෝජනය කිරීමට මෙම ධවල පත්‍රිකාවෙන් යෝජනා කර තිබෙන බවද කීය.

එසේම ඉතිරි සියයට 60-70 ක් අතර ප්‍රමාණයටද කොටස් වෙළෙඳ‍පොළේ ආයෝජනය සඳහා උනන්දු කළ යුතු බවටද එහි සඳහන්ව ඇති බව ඒ මහතා පැවසීය.

Related posts

මහාචාර්ය ගුණපාල නානායක්කාර ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙක් ඉවතට

colombotoday

නිශ්චිත කාලයකට නඩු අවසන් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්

Admin

‘දිනන ජනතාවගේ මැයි රැලිය‘ වෙනුවෙන් අගමැතිගේ කටවුට් කොළඹ පුරා ලයිට් කණුවල

colombotoday

රුවන්වැලි මහා සෑය අසල අභිරහස් කැණීමක්! පිටස්තර පුද්ගලයන්ට තහනම් කළාපයක්

colombotoday

ශ්‍රී ලංකාව යෝජනා කරන දේශිය යාන්ත්‍රණය මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රතික්ෂේප කරයි

colombotoday

අරාබි වෙස්ගෙන ජනපතිට කිට්ටු කළ අභිරහස් පුද්ගලයා ගැන විස්තරේ මෙන්න

colombotoday