Colombo Today Local News

බැදුම්කර හුටපටය සහ ‘අනීකා‘ රටින් පැන්නූ නෙත්තිකුමාරගේ පැටිකිරිය !

ප්‍රශ්නගත බැදුම්කර සිද්දියේ පිළිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිසමට සාක්ෂිකාරිණියක ලෙස කැදවූ අනීකා විජේසූරිය රට හැර යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලවෙමින් තිබේ.

අනිකා විජේසූරිය, ඇයගේ පියා සහ සොයුරන් දෙදෙනා අධ්‍යක්ෂවරුන් වන East West ප්‍රොපටීස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස් හිමියා වූ ඒෂියා 2000 ඉන්වෙස්ට්මන්ට්ස් ඉන්කෝපරේෂන් සමාගමට අයත්ව තිබුණු කොටස් ඊයේ පෙරවරුවේ දී විකුණා දමා ඇතැයි කොටස් වෙළදපොල වාර්තා සැල කර සිටී. ඒෂියා 2000 ඉන්වෙස්ට්මන්ටස් ඉන්කෝපරේෂන් යනු අනිකා විජේසූරියගේ පියා වන නහීල් විජේසූරිය එකම කොටස්කරුවා වන ආයෝජන ව්‍යාපාරයක් වන අතර, ඊයේ එම සමාගමේ අදාළ කොටස් ප්‍රමාණය අලෙවිකර ඇත්තේද ඉහත කී දරුවන් තිදෙනා වෙතටය. මෙහිදී අලෙවි වුණු සම්පූර්ණ කොටස් ප්‍රමාණය 88,345,235 කි. එයින් කොටස් 29,448,412 බැගින් වජිර සහ විජිත යන සොහොයුරන් විසින් මිල දී ගෙන තිබෙන අතර කොටස් 29,448,411 ක් අනිකා විසින් මිල දී ගෙන තිබේ.

ඒ අනුව මෙය පවුලේ සාමාජිකයන් අතරම සිදුවූ ව්‍යාපාරික ගණදෙනුවක් වන අතර, මෙම ගණුදෙනුවට ප්‍රවෘත්තිමය වටිනාකමක් ලැබෙන්නේ අනිකා විජේසූරිය බැදුම්කර කොමිසමේ සාක්ෂිකාරිණියක් වීම නිසාය. එමෙන්ම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියෙකු වන ශනිල් නෙත්තිකුමාර නමැති අයෙකු අනිකා විජේසූරිය මහත්මියට සිදුකල තර්ජන හේතුවෙන් ඇය ජීවිතාරක්ෂාව පතා රටින් පිටවී ඇති බව බැදුම්කර කොමිසමේ නිලධාරීන් විනිසුරු මඩුල්ල වෙත දන්වා තිබේ.

අනිකා විජේසූරිය මහත්මියට තර්ජණය කළ බව කියන කැසිනෝ ශාලා හිමිකරුවෙකු වන ශනිල් නෙත්තිකුමාර සහ ඇය අතර මිත්‍රත්වයක් පැවති ඇති අතර ඔවුන් අතර ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් මේ වන විට විරසකව සිටින බවද සමීප ආරංචි මාර්ග පවසයි. හිටපු ඇමතිවරයා සහ ශනිල් නෙත්තිකුමාර අතර ඥාති සම්බන්ධතාවයක් නොමැති බවද පැවසේ. ශනිල් නෙත්තිකුමාර විවාහ ගිවිසගෙන සිටින්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ දියණිය සමග වන අතර, ඔහුගේ සොයුරිය විවාහ වී සිටින්නේ එස්.බී. දිසානායක ඇමතිවරයාගේ පුත්‍රයා සමග බවද වාර්තා වේ.

Related posts

බඩල්කුඹුර ප්‍රාදේශීය සභා එජාප රැස්වීමේදී අපේක්ෂකයෝ ගුටි ඇන ගනිති

colombotoday

කොවිඩ් දේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

යහාලනය යටතේ උග්‍ර විස පොහොර ගෙනල්ලා. | එළවලු සහ පලතුරුවලත් වස විසලු

colombotoday

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ගේ බිරිය “හීන් මැණික්” මිය යයි.

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍යයෙන් නිලධාරියෙක් පත් කරයි

colombotoday

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

colombotoday